අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ජයග‍්‍රහණයට සුබ පතමින් ජනපතිගෙන් දුරකථන ඇමතුමක්

    මැයි 25, 2019

    ඉන්දීය මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබාගත් අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත  (24) පස්වරුවේ දුරකථන ඇමතුමක් ලබා දුන් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා එතුමා ලත් විශිෂ්ට ජයග‍්‍රහණය පිළිබඳ සිය සුබපැතුම් පිරිනැමීය.

    නරේන්ද්‍ර මෝදි මහතා සමඟ ඉතා සමීප ව කටයුතු කරන අයෙකු ලෙස මෙම ඓතිහාසික ජයග‍්‍රහණය පිළිබඳ තමා ඉතා සතුටට පත්වන බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා එතුමාගේ ඉදිරි පාලන කාලය තුළ ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරත් ශක්තිමත් වනු ඇති බවට ද විශ්වාසය පළ කළේය.

    දුරකථනය ඔස්සේ කෙටි කථා බහක නිරත වූ නායක දෙපළ සහෝදර රාජ්‍යයන් ලෙස සාමය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා සංවර්ධනය වෙනුවෙන් සහයෝගයෙන් කටයුතු කිරීමට ද සහතික වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya