අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තිරසාර සංවර්ධිත රටක් උදා කිරීමට රටේ දරු පරපුර සෞඛ්‍ය ආරක්ෂිත විය යුතුය- අමාත්‍ය පී.හැරිසන්

    මැයි 25, 2019

    තිරසාර සංවර්ධිත රටක් උදා කිරීමට රටේ දරු පරපුර සෞඛ්‍යාරක්ෂිත විය යුතුයැයි කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථික කටයුතු පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී හැරිසන් මහතා පවසයි.

    අනුරාධපුර අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික පාසල් දරුවන්ගේ දිවා ආහාරය සඳහා නොමිලේ සබලකරණය කරන ලද සහල් බෙදා දීමේ උත්සවයකට එක් වෙමින් මෙසේ පැවසීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, සෞඛ්‍ය අමාත්‍යංශයත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයත් එක්වෙලා උතුරුමැද දරුවන් වර්ධනය හීන වෙලා කියලා හොයාගෙන තියෙනවා.වර්ධනය හීන වීමට බලපාල තියෙන්නෙ යකඩ ඌනතාවය හැබැයි යකඩ පෙති ෆෝලික් ඇසිඩ් බොන්න දරුවන් අකමැතියි.


    ඒ නිසා අපි සමීක්ෂණ කණ්ඩායමක් තීරණය කළා දිවා ආහාරය සමඟ මිශ්‍ර කර යකඩ ලබා දිය යුතුයි කියලා. ඒ වගේම වර්ධනය වන වයසේදීම දරුවන්ට යකඩ ලබා ලබා දිය යුතු වෙනවා ඊට පිළියමක් ලෙස සහල් සමඟ යකඩ හෝ පෝලික් ඇසිට් ඇසිඩ් මිශ්‍ර කර ලබා දෙන්න තීරණය කළා.ලෝක ආහාර වැඩ සටහන යටතේ ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය මගින් මෙම සහල් දරුවන් ගේ දහවල් ආහාරය සපයන්නන් සඳහා නොමිලේම සහල් ලබා දෙනවා. අපි පළමු අදියර යටතේ තඹුත්තේගම අධ්‍යාපන කලාපය සඳහා පාසල් හැටතුනක් දරුවන් දාසය දාහක් සඳහා සබල කරණය කරන ලද සහය නොමිලේ ලබා දුන්නා. අපි අද අනුරාධපුර පාසල් එකසිය දෙකක් සඳහා නොමිලේ මෙ සබල කරණය කරන ලද සහ ලබා දෙනවා. රටේ දරුවන් යකඩ ඌනතාවයෙන් මුදවා මුදවා ගැනීම අපේ අරමුණ.

    මේ සඳහා අධ්‍යාපන අමාත්‍යංශය සෞඛ්‍ය අමාත්‍යාංශය වගේම පෝෂණ ලේකම් කාර්යාලය ද මැදිහත් වෙනවා.. රක්ත හීනතාව,මතක ශක්තිය දුරුවලවීම, කම්මැලි වීම, ශරීර වර්ධනය අඩුවීම අඩු වීම යන ලක්ෂණවලින් තොර මනා පිරිපුන් දරුවන් බිහි කිරීමට නම් යකඩ නොකඩවා අපි ලබා දිය යුතු වෙනවා. ඒ සඳහා අපි ලෝක ආධාර වැඩසටහන් ආධාර යටතේ රුපියල් මිලියන 28 ක වියදමක් දරනවා. මෙම සහල් මිශ්‍රණාගාරය දැන් අනුරාධපුර කලංකුටිය ප්‍ර දේශයේ විවෘත කර තිබෙනවා.

    මෙම අවස්ථාවට ලෝක ආහාර වැඩ සටහන් නියෝජිත කේට් සින්ක්ලෙයාර් මහත්මිය , ජාතික ආහාර ප්‍රවර්ධන මන්ඩලයේ සභාපති සෑම් ඩැනියෙල් මහතා ,උතුරුමැද සෞඛ්‍ය අමාත්‍යාංශය අමාත්‍යංශ ලේකම් සමන් බන්දුසේන මහතා ඇතුළු නිලධාරීන් මෙන්ම ව්‍යාපෘති ක්‍රියාත්මක විද්‍යාල වල විදුහල්පතිවරුන් ද ගුරු මහත්ම මහත්මීන්ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya