මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ත්‍රස්තවාදී සැකකරුවන්ගේ බැංකු ගිණුම් 41ක් අත්හිටුවයි

    මැයි 24, 2019

    පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරයේ සිටින සැකකරුවන්ට අයත් බැංකු ගිණුම් 41 ක මෙහෙයුම් තහනම් කිරීමට පියවර ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මේ බව ප්‍රකාශ කළේ,අද(24) පස්වරුවේ ආරක්ෂක අමාත්‍යංශ මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ය.

     එම බැංකු ගිණුම්වල රුපියල් මිලියන 134ක මුදලක් තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කර ගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya