අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇවෙන්ගාර්ඩ් වන්දි නඩුවෙන් රක්නා ලංකා සමාගමට ජය

    මැයි 24, 2019

    සීමාසහිත ඇවෙන්ගාර්ඩ් මැරිටයිම් සර්විසස් (පුද්ගලික) සමාගම වෙත ඇමෙරිකන් ඩොලර් මිලියන 5ක වන්දියක් ගෙවන ලෙස සීමාසහිත රක්නා ආරක්ෂක (ලංකා) සමාගමට නියම කරමින් සිංගප්පූරු බේරුම් කරන මධ්‍යස්ථානය විසින් ලබාදී තිබූ තීන්දුවක් සිංගප්පූරු අභියාචනාධිකරණය විසින් ගාස්තුවට යටත්කොට ඉවත දමා ඇත.

    ආරක්ෂක අමාත්‍යාංශයට අනුබද්ධිත පූර්ණ රාජ්‍ය සමාගමක් වන රක්නා ආරක්ෂක ලංකා සමාගම සහ ඇවෙන්ගාර්ඩ් සමාගම අතර පැවැති ව්‍යාපාරික ගිවිසුම අනුව රක්නා ආරක්ෂක ලංකා සමාගම විසින් ගාලු වරායේ පවත්වාගෙන ගිය පාවෙන අවි ගබඩාව ශ්‍රී ලංකා පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබුණි.එහිදී ඇවෙන්ගාර්ඩ් සමාගම එම අවි ගබඩාවේ නීත්‍යානුකූල භාවය තහවුරු කිරීමට රක්නා ආරක්ෂක ලංකා සමාගමෙන් අන්‍යොන්‍ය සහයෝගය ඉල්ලූ නමුත් එය ලබානොදුන් බවට චෝදනා කරමින් ඇවෙන්ගාර්ඩ් සමාගම රක්නා ආරක්ෂක ලංකා සමාගමට එරෙහිව ඇමෙරිකානු ඩොලර් මිලියන 5 ක වන්දියක් ඉල්ලා සිංගප්පූරු බේරුම් කරන නඩුකරයක් ගොනු කොට ඇත.

    එම නඩු විභාගයට රක්නා ආරක්ෂක ලංකා සමාගම සහභාගී වී නොමැති අතර සිංගප්පූරු බේරුම් කරන මධ්‍යස්ථානය ඒකපාර්ශවිකව නඩුව විභාගකර ඇවෙන්ගාර්ඩ් සමාගම වෙත ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක නඩු ගාස්තුවලට යටත්ව ගෙවන ලෙස රක්නා ආරක්ෂක ලංකා සමාගමට නියම කරනු ලැබුවේ 2018 නොවැම්බර් 24 වැනි දාය.

    පසුව රක්නා ආරක්ෂක ලංකා සමාගම එම තීන්දුවට එරෙහිව සිංගප්පූරු මහාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කරනු ලැබූ නමුත් එම අභියාචනය ප්‍රතික්ෂේප විය.

    අනතුරුව රක්නා ආරක්ෂක ලංකා සමාගම යළිත් එරට අභියාචනාධිකරණය වෙත අභියාචනයක් ගොනු කරන ලදී.

    එහි තීන්දුව 2019 මැයි මස 10 වැනි දින ප්‍රකාශයට පත්කළ සිංගප්පූරු අභියාචනාධිකරණය එම අභියාචනය පිළිගෙන ඇවෙන්ගාර්ඩ් සමාගම වෙත ගෙවීමට නියම කොට තිබූ ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක වන්දි මුදල ගෙවන ලෙසට මහාධිකරණය කලින් ලබාදී තිබූ තීන්දුව ඉවත්කොට රක්නා ආරක්ෂක ලංකා සමාගමට නඩු ගාස්තුද ගෙවන ලෙස ඇවෙන්ගාර්ඩ් සමාගමට නියෝග කොට ඇත.

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya