අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව ව්‍යාපාර ඇරඹීම සදහා ජනවසම වතුවල ඉඩම් පෞද්ගලික අංශයටත්

    මැයි 24, 2019

    රාජ්‍ය ව්‍යසසාය,කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් වතුවල පරිහරණය නොකරන ඉඩම් හා වෙනත් දේපළ වාණිජ කෘෂිකාර්මික ව්‍යාපෘති හෝ කෘෂිකර්මාන්තය ආශ්‍රිත ව්‍යාපාර ආරම්භ කිරීම සදහා පෞද්ගලික අංශයට දීර්ඝ කාලීන බදු පදනම මත ලබාදීමට ජනතා වතු සංවර්ධන මණ්ඩලය තීරණය කර ඇත.

    මෙම ඉඩම් ලබාදීමේදී කෘෂිකාර්මික ව්‍යාපෘති,වන වගාව ආශ්‍රිත ව්‍යාපෘති,සංචාරක කර්මාන්තය ආශ්‍රිත ව්‍යාපෘති,කැණීම්/ඛණිජ ආශ්‍රිත කර්මාන්ත,ජල සම්පත් ආශ්‍රිත කර්මාන්ත,ජල විදුලිය,සුළං බලය හෝ සූර්ය බල ශක්ති සම්බන්ධ ව්‍යාපෘති හා ගොඩනැගිලි භාවිත කරමින් සිදුකරනු ලබන ව්‍යාපෘති සදහා ප්‍රමුඛත්වය ලබාදෙන බව ජනතා වතු සංවර්ධන මණ්ඩලය පවසයි.

    මේ හැර ජනතා වතු සංවර්ධන මණ්ඩලය හා පෞද්ගලික අංශ අතර බද්ධ ව්‍යාපාර හෝ හවුල්කාරීත්ව ව්‍යාපාර ආරම්භකොට එමගින්ද ජාතික ආර්ථිකයට දායකත්වයක් ලැබෙන පරිදි මෙම ඉඩම්වල වාණිජ ව්‍යාපෘති ආරම්භ කිරීමට අදහස්කොට ඇති බවද ජනතා වතු සංවර්ධන මණ්ඩලය පැවැසීය.මේ සදහා මහා පරිමාණ,මධ්‍ය පරිමාණ හා සුළු පරිමාණ ව්‍යවසායකයින්ගෙන් යෝජනා කැදවා ඇත

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya