අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අප්‍රේල්21 ප්‍රහාරය සොයාබැලීමට පත් කළ තේරිම් කාරක සභාව ආවරණයට මාධ්‍යයට ඉඩ දෙන්න - සභානායක

    මැයි 24, 2019

    අප්‍රේල් 21 දින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට පත් කළ විශේෂ තෙරිම් කාරක සභාව මාධ්‍යයට ආවරණය කිරීමට ඉඩ සළසා දෙන්නැයි සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (24) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    මෙහිදී අඳහස් දැක්වූ කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා සඳහන් කළේ,පාර්ලිමේන්තුවේ කටයුතු හැකිතාක් රූපවාහිනිය,ගුවන්විදුලිය ඔස්සේ ජනතාවට දැනගැනීමට ඉඩ සළසා දිය යුතු බවය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශූ මාරසිංහ මහතා අඳහස් දක්වමින් සඳහන් කළේ, පාර්ලිමේන්තු කමිටුවලින් විශාල වැඩකොටසක් සිදු කරන බවත් ඒවා සඳහ මාධ්‍ය මඟින් ප්‍රචාරයක් නොලැබෙන බව පැවසීය.එමෙන්ම ස්ථාවර නියෝග සම්බන්ධයෙන් ඇති බාධක ඉවත් කරගත යුතු බවද මන්ත්‍රීවරයා සඳහන් කළේ ය. ලබන මාසය වනවිට මාධ්‍ය අංශයක් පාර්ලිමේන්තුවේ ස්ථාපිත වන බවත් පවතින බාධක ඉවත් කිරීමට උපදෙස් ලබාදී තිබෙන බවත් කතානායකවරයා එහිදී සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya