අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇතැම් දේශපාලන කණ්ඩායම් රට ගිනි තබා විනාශ කර හෝ බලය ලබා ගැනීමට කටයුතු කරමින් සිටිනවා- අමාත්‍ය සජිත් ප්‍රේමදාස

    මැයි 24, 2019

    එදා 83 කළු ජූලියේදී මෙන් ඇතැම් දේශපාලන කණ්ඩායම් රට ගිනි තබා විනාශ කර හෝ බලය ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    චිත්‍රපට රංගනයන්ට සමාන ජවනිකා අද දේශපාලන ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක වන බවත්, එවැනි සෝබනකාරී දේශපාලන සංස්කෘතියක බොරු රංගනයන්ට තමන් සූදානම් නොමැති බවත්, පැවසූ අමාත්‍යවරයා, දේශපාලන රංගනයන් සිදු කරන සැමට වඩා රට ගැන සිතා මහන්සි වී වැඩකරන හැකියාව හා දක්ෂතාවය තමන්ට තිබෙන බවත් පැවසීය.

    ඉදිරි මැතිවරණ වලදී පත්වන ජනාධිපති කවුරුන්ද අගමැති කවුරුන්ද යන දේශපාලන සූදුවක් අද රට තුළ ක්‍රියාත්මක වීම රටට අත් වී ඇති විනාශයක් බවත්, ජනතා සංවර්ධනය හා ජන ගැටළු විසදීම යුගයේ අවශ්‍යතාවය මෙන්ම එය පාලකයින්ගේ යුතුකම හා වගකීම බවත් සඳහන් කළේය.

    සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මහනුවර දිස්ත්‍රික්කයේ, කුණ්ඩසාලේ, ගෝනවල දකුණ ප්‍රදේශයේ ඉදිකළ “ඉසුරු උයන්පුර” උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට ඊයේ (23) දින සහභාගී වෙමිණි.

    මෙය “සැමට සෙවණ” යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුණු 190 වන ආදර්ශ ගම්මානයයි.

    නව නිවාස 27 කින් “ඉසුරු උයන්පුර” උදා ගම්මානය සමන්විත වන අතර එය අංග සම්පූර්ණව ඉදිකිරීම සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 511 කි. පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් මෙය සමන්විත වේ.
    උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමට සමගාමීව නිවාසලාභීන් 27 දෙනාට නිවාස හිමිකම් පත්‍ර ප්‍රදානය හා රුපියල් ලක්ෂ 270 ක් වටිනා සංවර්ධිත බිම් කොටස් 27 ක හිමිකම නොමිලේ ලබාදීම, ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 118
    කට රුපියල් ලක්ෂ 236 ක් වටිනා ‘විසිරි නිවාස ණය’, පවුල් 50 ක් සඳහා රුපියල් ලක්ෂ 100 ක් වටිනා ‘සොඳුරු පියස නිවාස ණය’, පවුල් 12 කට රුපියල් ලක්ෂ 74 ක් වටිනා ‘විරුසුමිතුරු’ නිවාස ආධාර, පුහුණුලාභීන් 43 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ 21 ක් වටිනා ‘ශිල්ප සවිය’ ප්‍රතිලාභ ප්‍රදානය සහ දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයින් 74 දෙනෙකුට නොමිලේ ඇස් කණ්නාඩි ප්‍රදානය කිරීමද අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරුණි.

    මෙම අවස්ථාවට මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා සහ ප්‍රාදේශීය දේශපාලඥයින්, ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya