අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදෙස් රැකියාව අතරතුර ආබාධිත තත්ත්වයට පත් විගමණික ශ්‍රමිකයින්ට කාර්යාංශයෙන් නිවසක්

    මැයි 24, 2019

    ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා සදහා ගොස් සේවා ස්ථානයේදී සිදුවන අනතුරක් හේතුවෙන් පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වූ නිවසක් නොමැති ශ්‍රමිකයින් සදහා නිවසක් සාදා ගැනීමට කාර්යාංශය මගින් “සහන නිවාස” වැඩසටහන යටතේ රුපියල් මිලියනයක මුදලක් ලබා දෙනු ලැබේ.

    මෙම වැඩසටහන කාර්යාංශය හා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය එක්ව ක්‍රියාත්මක කරනු ලබන අතර, ඒ සදහා වන අවබෝධතා ගිවිසුමට මැයි 22 දින ජාතික නිවාස සංවර්ධන අධිකාරියේදී අත්සන් තබන ලදී. මේ සදහා කාර්යාංශය වෙනුවෙන් එහි සභාපති ඒ.ඒ.එම්.හිල්මි මහතා හා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක්විජය සාගර පලන්සූරිය මහතා අත්සන් කර ඇත.

    වසර 5ක කාලසීමාවක් සදහා වලංගුව පවතින මෙම ගිවිසුම අනුව ව්‍යාපෘතියේ සියළු අධික්ෂණ කටයුතු ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් සිදුකිරීමට නියමිතය.

    රුපියල් ලක්ෂ 10ක මෙම ආධාර මුදල සම්පූර්ණයෙන්ම කාර්යාංශය මගින් ලබාදෙනු ලබන අතර, වාරික 6කින් මෙම මුදල ගෙවා අවසන් කරනු ලැබේ. මෙම නිවාස ආධාර මුදල් ලබාගැනීම සදහා ශ්‍රමිකයා විදේශ ගතවීමේදී කාර්යාංශයේ ලියාපදිංචිය ලබා තිබිම අනිවාර්ය වේ. දැනටමත් නිවසක් හිමි අයෙකු නම් ආබාධිත පුද්ගලයෙකුට සරිලන පරිදි එය නවීකරණය කිරීමට මෙමගින් හැකියාව ලැබේ.

    මෙම නිවාස ආධාර ලබාදීමේ වැඩසටහන මුලින්ම 2008 වර්ෂයේ ක්‍රියාත්මක කරන ලද අතර, මේ වන තෙක් නිවාස 46ක් ඒ යටතේ සාදා නිමකර තිබේ.

    ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාව සදහා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරීනි එම්.එස්.වීරසිංහ, අතිරේක සාමාන්‍යාධිකාරී ජගත් වනසේකර, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සංවර්ධන) පී.ඒ.එස්.පී.ආරියවංශ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (නීති) පුෂ්පා රෝහිණි හා කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සමාජ සංවර්ධන) පී.පී.වීරසේකර යන මහත්ම මහත්මීන්ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya