අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රමිතියෙන් තොර රන් භාණ්ඩ අලෙවිය පිළිබඳව ඉදිරියේ දී දැඩි නීති රීති

    මැයි 23, 2019

    ඉදිරියේ දී රන් භාණ්ඩ සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ප්‍රමිති සහතික මුද්‍රාව අනිවාර්ය කිරීමටත්, එම මුද්‍රාවෙන් තොරව රන්භාණ්ඩ අලෙවිකරණ ස්වර්ණාභරණ අලෙවිසල් වැටලීම් සිදු කොට නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳවත් අවධානය යොමු වෙයි.

    ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  (22) පෙරවරුවේ ජාතික මැණික් හා ස්වර්ණාභාරණ අධිකාරියේ පැවති සාකච්ඡාවක දී මේ පිළිබඳ අවධානය යොමු කෙරිණි.

    විෂයභාර අමාත්‍යවරයා ලෙස අද පෙරවරුවේ කොල්ලුපිටියේ පිහිටි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත ගිය ජනාධිපතිතුමා එහි කටයුතු සොයාබැලීමෙන් අනතුරුව කාර්ය මණ්ඩලය සමඟ ප්‍රගති සමාලෝචන රැස්වීමකට ද එක් විය.

    ප්‍රමිතියෙන් තොර රන් භාණ්ඩ අලෙවිය වෙළෙඳපොළ තුළ බහුල වීම හේතුවෙන් ස්වර්ණාභරණ අලෙවි කිරීමේ දී ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ප්‍රමිති මුද්‍රාව ලබා ගැනීම අනිවාර්ය කිරීමට තීරණය කර තිබේ.

    මෙම ප්‍රමිති සහතිකය ලබා ගැනීම පිළිබඳව සියලු ස්වර්ණාභරණ අලෙවිකරුවන් දැනුවත් කිරීමත්, රන් භාණ්ඩ මිල දී ගැනීමේ දී සුපරික්ෂාකාරී වීමට ජනතාව දැනුවත් කිරීමේ වැදගත්කමත් ජනාධිපතිතුමා මෙහි දී පෙන්වා දුන්නේය.

    ඉන් අනතුරුව ඉදිරියේ දී අදාළ නීති රීති විධිමත් අයුරින් ක්‍රියාවට නැංවීමට ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබීය.

    ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ වත්මන් ක්‍රියාකාරිත්වය සහ ඉදිරි සැලසුම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට බඳුන් කෙරිණි.

    මැණික් ඉඩම් සඳහා බලපත්‍ර ලබාදීමේ දී මතුව ඇති ගැටලු, කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළේ රන් නිෂ්කාශන කටයුතු වැනි කරුණු පිළිබඳව සාකච්ඡාවට ලක් විය.

    මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති රෙජිනෝල්ඩ් කුරේ, අධ්‍යක්ෂ ජනරාල් එච්.පී. සුමනසේකර යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරිහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya