අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශ්වාසභංග විවාදය ජුනි මස 18 -19 සිදු කිරීමට සූදානම්- සභානායක

    මැයි 23, 2019

    අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සම්බන්ධයෙන් ගෙනා විශ්වාසභංග යෝජනාව ජුනි මස 18 සහ 19 යන දින දෙක විවාදයට ගත හැකි බව සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී වාසු දේව නානායක්කාර මහතා මේ සම්බන්ධයෙන් කළ විමසීමකින් අනතුරුව ඇති වූ අඳහස් දැක්වීම අතරතුර සභානායකවරයා මේ බව සඳහන් කළේ ය.

    එහෙත් මෙම දින සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු සිය විරෝධය පළ කළේ ය.

    මෙහිදී අඳහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ,විශ්වාසභංගය සඳහා දින ලබාදෙන්නේ ආණ්ඩුව බව සඳහන් කළේ ය.මෙම දින කිසි සේත් වෙනස් කළ නොහැකි බව කතානායක කරු ජයසූරිය මහතා එහිදී විපක්ෂයේ මන්ත්‍රීවරුන්
    වෙත ප්‍රකාශ කළේ ය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya