අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරියේදී ආරම්භ කරන්නේ මිශ්‍ර පාසල් පමණයි-අධ්‍යාපන ඇමැති

    මැයි 23, 2019

    ඉදිරියේදී අලුතෙන් ආරම්භ කරනු ලබන සියලුම රජයේ පාසල්,සෑම ජන වර්ගයකටම හා සෑම ආගමකටම අයත් සිසු දරුවන්ට එකට සිට අධ්‍යාපනය ලැබීමට හැකිවන පරිදි මිශ්‍ර පාසල් වශයෙන් පවත්වාගෙන යාමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කොට ඇතැයි අධ්‍යාපන අමැති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    සිය අමාත්‍යාංශය මගින් මෑතකදී ආරම්භ කළ පාසල් සියල්ල මේ පදනම මත දැනටමත් පවත්වාගෙන යන බවත් මේ ක්‍රමය මීට පෙර ආරම්භ කිරීමට හැකි වූවා නම් අද උද්ගත වී ඇති බොහෝ ප්‍රශ්න ඇති නොවන්නට ඉඩ තිබූ බවත් අරලියගහ මන්දිරයේ ඊයේ (22)පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

    දැනට සිංහල,දෙමළ,මුස්ලිම් හා බෞද්ධ,කතෝලික,හින්දු ආදී ජාති හා ආගම්වල සිසුන්ට පමණක් සීමා වී ඇති පාසල් අනාගතයේදී මිශ්‍ර පාසල් බවට පත්කරන බවද අකිල විරාජ් කාරියවසම් මහතා කීය.

    අප්‍රේල් 21 දා හටගත් සිදුවීම් වලින් පසු වසා දමනු ලැබූ සියලු පාසල් විවෘත කොට ඇති අතර ඒවායේ සිසුන්ගේ පැමිණීම පෙර තිබූ පරිදි සාමාන්‍ය තත්වයට පත්වී තිබේ.අධ්‍යාපන අමාත්‍යාංශය පසුගිය 06 දා රජයේ පාසල් යළි ආරම්භ කළේ ආරක්ෂාව පිළිබදව ආරක්ෂක අංශවලින් පූර්ණ සහතිකයක් ලබාගැනීමෙන් පසුවයි.එහෙත් මැයි 13 දා බෝම්බ ප්‍රහාර එල්ල වන බවට පැතිරී ගිය අසත්‍ය කටකතාවක් නිසා සිසුන්ගේ පැමිණීම විශාල ලෙස අඩුවිය.පසුගිය සතියේ එසේ බොරු බියක් ඇති නොකළේ නම් පාසල් එදින සිට සාමාන්‍ය තත්වයට පත් වීමට ඉඩ තිබුණි. (21) දින වන විට සිසුන්ගේ පැමිණීම වර්ධනය වී තිබූ අතර මේ වන විට සිසුන්ගේ පැමිණීම සාමාන්‍ය තත්වයට පත්ව තිබෙන බව අමාත්‍යවරයා තවදුරටත් පැවැසීය.

    මද්‍රසා පාසල් ගැන සදහන් කළ කාරියවසම් මහතා එම පාසල් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගෙන ජාතික අධ්‍යාපන ආයතනයේ අධීක්ෂණය යටතේ පවත්වාගෙන යාමට රජය තීරණය කොට ඇති බවද කීය.

    අග්‍රාමාත්‍ය උපදේශක නීතිඥ සුදර්ශණ ගුණවර්ධන මහතාද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya