මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය සේවකයන්ට රු. 2500/- මාසික දීමනාව ගෙවීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ

    මැයි 22, 2019

    මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද 2019 අයවැය මගින් යෝජිත පරිදි රු. 2500/- ක මාසික අන්තර් දීමනාව ජූලි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි සියලු රාජ්‍ය සේවකයන් හට ගෙවනු ලැබේ.

    මේ සඳහා වන චක්‍රලේඛය මහා භාණ්ඩාගාරයේ එකඟතාවය ඇතිව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය විසින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත දැනටමත් නිකුත් කර තිබෙන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

    අන්තර් දීමනාව වශයෙන් රු. 2500/- ක් ජූලි 01 සිට ගෙවනු ලැබූවද රාජ්‍ය සේවකයන් හට මාසිකව ගෙවනු ලබන රු. 7800/- ජීවන වියදම් දීමනා ගෙවීමද තවදුරටත් එලෙසම ක්‍රියාත්මක වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya