මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බිළිඳු මරණ අඩුකිරීම අතින් ශ්‍රී ලංකාවට විශිෂ්ට තත්ත්වයක්-පවුල් සෞඛ්‍ය කාර්යාංශය

    මැයි 22, 2019

    ගර්භණී කාලයේ සති 28 න් පසු කුස තුළ මිය යන දරුවන් (මළ දරු උපත් ) සහ උපතින් දින 7 ක් තුළ සිදුවන බිළිඳු මරණ අඩුකිරීම අතින් ශ්‍රී ලංකාව විශිෂ්ට තත්ත්වයක් ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය  පවසයි.

    මාතෘ සහ ළදරු මරණ අනුපාතයන් ඉතා අවම මට්ටමකට අඩු කළ පසුබිමක, ශ්‍රී ලංකාව පරාජන්ම මරණ වැළක්වීම සෞඛ්‍ය න්‍යාය පත්‍රයේ ඉහළම ස්ථානයකින් තබා කටයුතු කරනු ලබයි.මේ බව සෞඛ්‍ය අමාත්‍යංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය විසින් පසුගිය සතියේ නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙන බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න මහතා කියයි.

    ගර්භණී භාවයේ සති 28 සිට ප්‍රසුතියෙන් පසු පළමු දින 7 දක්වා කාලය පරාජන්ම සමය ලෙස සැළකේ .
    මෙම කාලය තුළ සිදුවන මළ දරු උපත් සහ පුර්ව බිළිඳු මරණ, පරාජන්ම මරණ ලෙස ගණනය කරනු ලබයි. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකු හෝ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු සිටින සෑම රෝහලක්ම පරාජන්ම මරණ වාර්තා කරන අතර සෑම මසකම පරාජන්ම මරණ විමර්ශණ රැස්වීම් පවත්වා එම මරණ වැලැක්වීම සඳහා ගතයුතු පියවර සාකච්ජා කරනු ලබයි. 2006 වසරේ දී මෙරටෙහි ඇරඹුණු මෙම ක්‍රමවේදය, ජාතික මට්ටමෙන් ක්‍රියාත්මක කරන, කලාපයේ එකම රට ශ්‍රී ලංකාව යි.

    පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ, මාතෘ සහ ළමා ව්‍යාධි සහ මරණ ආවේක්ෂණ ඒකකය යුනිසෙෆ් ආයතනය සමග එක්ව 2014 - 2017 දක්වා මුළු රට තුළින්ම වාර්තාවූ පරාජන්ම මරණ දත්ත විශ්ලේෂණය කර මෙම වාර්තාව සකස් කර ඇත. එම වාර්තාවට අනුව පසුගිය වසර කිහිපය තුල මෙරට පරාජන්ම මරණ අනුපාත ක්‍රමානුකුලව අඩුවී ඇති අතර 2017 වසරේදී පරාජන්ම මරණ අනුපාතය දරු උපත් 1000 කට 6.8 ක් වේ. ශ්‍රී ලංකාවේ පරාජන්ම මරණ අනුපාතය, ලෝකයේ දියුණු රටවල මට්ටමට ළඟා වී ඇත. උදාහරණ ලෙස මහා බ්‍රිතාන්‍යයේ එම අනුපාතය 6.6 කි. 2017 වසරේදී මළ දරු උපත් 838 ක් සහ පුර්ව බිළිඳු මරණ 1079 ක් වාර්තා වී ඇත. තවදුරටත් පරාජන්ම ආවේක්ෂණ ක්‍රම වේදය වැඩි දියුණු කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සහ නිර්දේශ ද මෙම වාර්තාවට ඇතුළත්ය.

    පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න මහතාගේ සහ යුනිසෙෆ් ආයතනයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ධම්මිකා රොවෙල් මහත්මියගේ සම්බන්ධීකරණය යටතේ කොළඹ වෛද්‍ය පිඨයේ මහාචාර්ය චාරුක්ෂි අරඹේපොල මහත්මිය විසින් මෙම විමර්ශන වාර්තාව සකස් කර ඇත. පසුගියදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකදී මෙම වාර්තාව එළි දක්වනු ලැබිණි. එම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් (මහජන සේවා) ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුසී පෙරේරා, පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලි ද සිල්වා, යුනිසෙෆ් ආයතන ප්‍රධානි ටිම් සට්න්, ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය වරුන්ගේ සංගමයේ සභාපති මහාචාර්ය අතුල කළුආරච්චි, පරාජන්ම සංගමයේ සභාපති ළමා රෝග විශේෂඥ වෛද්‍ය සුරන්ත පෙරේරා ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

    ශ්‍රී ලංකා 2014 - 17 පරාජන්ම මරණ විමර්ශණ වාර්තාව පසුගිය සතියේදී සෞඛ්‍ය හා පෝෂණ ගරු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ට සහ සෞඛ්‍ය අමාත්‍යාංශ යේ ලේකම් වසන්තා පෙරේරා මහත්මියට පිළිගන්වන ලදී

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya