මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තු සභාව තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් පූර්ණ කාලීනව අවධානය යොමු කර තිබෙනවා- කතානායක

    මැයි 21, 2019

    පාර්ලිමේන්තු සභාව තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් පූර්ණ කාලීනව අවධානය යොමු කර තිබෙන බව කතානායක කරූ ජයසූරිය මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවේ ආරක්ෂව සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු දෙමින් කතානායකවරයා මේ බව පැවසීය.

    පසුගිය දා පාර්ලිමේන්තුවේ නිලධරියෙකු අත් අඩංගුවට පත්වීම සම්බන්ධයෙන් මෙහිදී මතු කර සිටියේ ය.

    ආරක්ෂක තත්වය සම්බන්ධයෙන් දිනපතා බුද්ධි අංශය හා අදාළ නිලධරීන් වාර්තා ලබාදෙන බවත් පාර්ලිමේන්තු නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කෙරෙන බවත් කතානායකවරයා සඳහන් කළේ ය.

    සභාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් පූර්ණ කාලීනව අවධානය යොමු කර තිබෙන බවද කතානායකවරයා කීය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya