මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සියලු ක්‍රීඩා සංගම්වල ක්‍රීඩා නිලවරණ මාස තුනක් තුළ පැවැත්වීමට පියවර

    මැයි 21, 2019

    සියලු ක්‍රීඩා සංගම්වල ක්‍රීඩා නිලවරණ මාස තුනක් තුළ පවත්වා අවසන් කිරීමට යෝජනා කර තිබෙන බව විදුලි සංදේශ විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා විසින් ක්‍රීඩා නිලවරණ නොපැවැත්වීම සම්බන්ධයෙන් වාචික ප්‍රශ්න අවස්ථාවේ කළ විමසීමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසී ය.

    ක්‍රීඩා සංගම් 34ක් සඳහා නිලවරණ පැවැත්වීමට තිබෙන බව කී අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අතුරු කමියුවක් ද පත් කර තිබෙන බව කීය. මේ සම්බන්ධයෙන් විකල්පයක් සකස් කර තිබෙන බවත් ක්‍රීඩා සංගම් 34 ක් සඳහා මාස තුනක් තුළ නිලවරණ පැවැත්වීමට යෝජනා කර තිබෙන බවත් ජාතික මට්ටමින් ක්‍රීඩා තරඟ සඳහා ඉදිරිපත් නොවන සංගම් සඳහා ඡන්දය ලබාදීමේ අයිතිය ලබා නොදෙන බවද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya