මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුහුණු ශ්‍රමිකයන් හා අර්ධ පුහුණු ශ්‍රමිකයන් විදෙස් රැකියා සඳහා යැවීමට බලාපොරොත්තු වෙනවා- ''රන් පියාපත්'' නමින් වැඩසටහනක්

    මැයි 21, 2019

    අලුත් ක්‍රමවේදයක් සකස් කර ගෘහ සේවිකාවන්ට වඩා පුහුණු ශ්‍රමිකයන් හා අර්ධ පුහුණු ශ්‍රමිකයන් විදේශ රැකියා සඳහා යැවීමට බලාපොරොත්තු වන බවත් විදුලි සංදේශ විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (21) පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රී හේෂා විතානගේ මහතා යොමු කළ අතුරු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව පැවසීය.

    කූට අන්දමින් රැකියා ඒජංජිවල සමහර අඩු වයස් අය යනවා. ගෘහ සේවයට කාන්තාවන් යැවීමේ අඩුවක් නෑ. රජයක් ලෙස බලාපොරොත්තු වුණා ඒ ප්‍රමාණය අඩු වුණේ නෑ. මෙය සිදුවන්න හේතුව කුමක් දැයි මන්ත්‍රීවරයා විමසා සිටියේ ය. ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය

    පවුල් පසු බිම් වාර්තාව ඉල්ලනකොට හොරෙන් යවන ප්‍රමණය වැඩියි. අපි සාකච්ඡා කරලා,විශාල වැඩපිළිවෙලකට අත් ගහලා තිබෙනවා. හරි ක්‍රමවේදයක් තුළින් රැකියාවලට යවන්න.සම්පූර්ණ අලුත් ක්‍රමවේදයක්  සකස් කරනවා. මගෙත් එකම බලාපොරොත්තුව ගෘහ සේවිකාවන්ට වඩා පුහුණු ශ්‍රමිකයන් හා අර්ධ පුහුණු  ශ්‍රමිකයන් යවන්න බලාපොරොත්තු වන්නේ. විසිට් වීසා සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබෙනවා.රන් පියාපත් කියලා කැම්පේන් එකක් ක්‍රියාත්මක කරනවා. එයින් ජනතාව දැනුවත් කරනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya