අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරියේදී වරදෙහි ස්වභාවය අනුව බන්ධනාගාර ගත වන අය පුනරුත්ථාපනය කරනවා

    මැයි 20, 2019

    අපිට ඕන බන්ධනාගාර අරින්න නොවෙයි.වහන්නයි.ඉදිරියේදී වරදෙහි ස්වභාවය අනුව බන්ධනාගාර ගත වන අය පුනරුත්ථාපනය කිරීමට කටයුතු කරනවා යැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

    බන්ධනාගාර ඉතිහාසයේ වැඩිම සිරකරුවන් සංඛ්‍යාවක් නිදහස් කිරීම මෙවර විශේෂත්වයයි . එම අවස්ථාවට එක්වෙමින් අදහස් පළ කළ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය මෙසේ ද සඳහන් කළාය.

    ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියට අනුව ජනාධිපති පොදු සමාව යටතේ සිරකරුවන්නිදහස් කිරීමේ බලතල ජනාධිපතිතුමාට තිබෙනවා.මේ යටතේ අද දිනයේ සිරකරුවන් 762 කට අධික සංඛ්‍යාවක් නිදහස් කර තිබෙනවා.ඔබ සමාජය තුළ යහපත් පුරවැසියන් ලෙස ජීවත් වනු ඇතැයි යන බලාපොරොත්තුව ඇතිව තමයි ඔබට අද මේ නිදහස ලබාදීලා තියෙන්නේ.

    අද දිනයේ වෙසක් දිනය සමරන අප හදවතින්ම බෞද්ධයන් වශයෙන් කටයුතු කිරීමට කල්පනා කළ යුතුයි.අපි ධර්මය තුළ ජීවත් වෙනවා නම් අපිට හොදින් ජීවත් වෙන්න පුළුවන්.පන්සිල් වලින්පටන් ගත්තහම අපිට කියලා දෙන්නේ ධර්මය තුළ ජීවත් වෙන්න කියලා.

    බුදුන් වහන්සේගේ දේශනාව තුළ මෛත්‍රි භාවනාව තුළ සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා කියන දේශනාව තුළ සියලු දෙනාට මෛත්‍රිය කරා යන ආකාරය කියලා දුන්නා.මෛත්‍රි භාවනාව තුළින් ජීවිත හැඩ ගස්වා ගැනීමට මෙම ස්ථානයෙන් යන ඔබ සියලු දෙනාම කල්පනා කළ යුතුයි.මෛත්‍රි භාවනාව තුළින් පෙන්වා දී ඇති මෛත්‍රිය තුළින් ජීවත් වෙනවා නම් බන්ධනාගාර අපිට ඕන නැහැ.ඔබ ධර්මය තුළ ජීවත් වුණා නම් බන්ධනාගාර ගතව පසු තැවෙන්න ඕන නැහැ.

    අපි අතින් කිසිම වරදක් නොවී කටයුතු කිරීමට අද නිදහස ලබන ඔබට පුළුවන් වෙන්න ඕන.ඉවසීම ප්‍රගුණ කර ගන්න ඕන.ඉවසීම නැති තැන තමයි හැම දෙයක්ම වෙලා තියෙන්නේ බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය සිත පාලනය කර ගෙන ඉවසීම ප්‍රගුණ කර ගත යුතුයි.අපි සමාජයේ ජීවත් වෙන විට හැම අවස්ථාවකම අනිත් අයගේ ජීවිත වලට කරදරයක් නොවන ආකාරයට ජීවත් වෙන්න ඕන.නාලාගිරි ඇතා දමනය කිරීමට ආලවක යක්ෂයා දමනය කිරීමට බුදුන් වහන්සේගේ ඉවසීම ඉවහල් වුණා.ඒ නිසා අපි ඉවසීම ජීවිතයේ හැම අවස්ථාවකම ප්‍රගුණ කළ යුතුයි.මේ ආදර්ශය ජාතීන් ලෙස ආගම් ලෙස අපි ආදර්ශයට අර ගෙන බෙදෙන්නේ නැතිව වෛරයෙන් තොරව මෛත්‍රිය පදනම් කර ගෙන ජීවත් වෙන්න ඕන.බුදුන් දේශනා කළ ධර්මය අනුව ජීවත් වුණා නම් අප්‍රේල් 21 වුණා වගේ අවාසනාවන්ත සිද්ධි වෙන්නේ නැහැ.අද ඇතැම් ස්වාමීන් වහන්සේලා කරන වැඩ පිළිබදව අපි හදවතින්ම කම්පා වෙනවා.සමහර ස්වාමීන් වහන්සේලා ගැටුම් ඇති වෙන ආකාරයට වැඩ කරන අවස්ථා අපි දකිනවා.මේ රටේ සියලුම මහානායක ස්වාමීන් වහන්සේලාට හොද අවස්ථාවක් අද ඇවිත් තියෙනවා උන් වහන්සේලා ඉදිරියට ඇවිත් මේ ශාසනය ආරක්ෂා කර ගැනීමට කටයුතු කිරීමට .ඒ සදහා කාලය අද උදා වෙලා තියෙනවා.අද ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් සියලු ජාතීන් වෙනුවෙන් වගකීම් ඉටු කරනවා.


    ඔබට අතිගරු ජනාධිපතිතුමා අද ජනාධිපති සමාව දීලා තියෙනවා.ඔබ ඉවසුවේ නැති නිසා අද මෙතනට ආවා.මෙතනින් ඔබ යන්නට ඕන විනය ගරුක නීති ගරුක මිනිසුන් ලෙසයි.අපිට ඕන බන්ධනාගාර අරින්න නොවෙයි.වහන්නයි.ඉදිරියේදී වරදෙහි ස්වභාවය අනුව බන්ධනාගාර ගත වන අය පුනරුත්ථාපනය කිරීමට කටයුතු කරනවා.සිර ගෙවල් විවෘත කිරීමට නෙවෙයි .සිරගෙවල් වහන තත්වයක් ඇති කරන්නයි අපි කටයුතු කළ යුතු වන්නේ.අද පොදු සමාව ලබා සමාජයට යන ඔබ විවිධ වෘත්තීන් සම්බන්ධව පුහුණුවිම් ලබා තිබෙනවා.ඒ අනුව හොද පුරවැසියෙකු ලෙස සමාජය තුළ ජීවත් වනු ඇතැයි අපේක්ෂා කරන බව ද අමාත්‍යවරිය තවදුරටත් සදහන් කළාය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය යටතේ මෙසේ සිරකරුවන් සදහා ජනාධිපති පොදු සමාව ලබාදුන් අතර සියලුම සිරකරුවන් සදහා නිදහස ලබාදීම වැලිකඩ බන්ධනාගාර ක්‍රිඩාංගණය තුළ දී පමණක් සිදු කිරීම මෙවර විශේෂත්වය වී තිබුණි.



    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya