අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වීරෝදාර රණවිරුවන්ගේ විශිෂ්ටත්වය සහ කැපවීම මත මව්බිම සෑමවිටම සුරක්ෂිත වූ බව ජනපති පවසයි

    මැයි 20, 2019

    වීරෝදාර රණවිරුවන්ගේ විශිෂ්ටත්වය, කැපවීම සහ ජීවිත පරිත්‍යාගය තුළ මව්බිම සෑමවිටම සුරක්ෂිත වූ බව ජනාධිපතිතුමා පවසයි.

    අද දවසේ රටට මුහුණදීමට සිදුව තිබෙන ත‍්‍රස්ත අභියෝගය ද ශ‍්‍රී ලංකාවෙන් මු`ථමනින්ම අතුගා දමා රට තුළ ස්ථීරසාර සාමයක් ස්ථාපිත කිරීමට අපගේ වීරෝධාර රණවිරුවන්ට හැකියාව තිබෙන බව සේනාධිනායකයා ලෙස තමා දැඩිව විශ්වාස කරන බව ජනාධිපතිතුමා කියා සිටියේ (19) පස්වරුවේ පැවති ,රණවිරු උත්තම ප‍්‍රණාම දස වර්ෂ පූර්ණ සැමරුම්, උත්සවය අමතමිනි.

    මාතෘභූමියේ ඒකීයභාවය සහ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් දිවිපි`දු, අතුරුදන් සහ ආබාධිත වූ රණවිරුවන් අනුස්මරණය කරමින් ශ‍්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණය අසල පිහිටි ජාතික රණවිරු ස්මාරකය අභියස දී සැමරුම් උත්සවය අභිමානවත් අයුරින් පැවැත්විණි.

    උත්සවය ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේ වසර 30ක ම්ලේච්ඡු ත‍්‍රස්තවාදයට එරෙහි යුද ජයග‍්‍රහණයට දස වසරක් සපිරෙන අවස්ථාවේ ඊට හාත්පසින්ම වෙනස් ජාත්‍යන්තර ත‍්‍රස්තවාදී සිදුවීමකට නොසිතු අයුරින් අපට මුහුණදීමට සිදුව තිබෙන බවයි.

    ඒ හමුවේ මෙරට ති‍්‍රවිධ හමුදාව, බුද්ධි අංශ සහ සියලූ ආරක්ෂක අංශවල විශේෂඥයන් ඇතු`ථ සියලූදෙනාට නව වගකීමක් පැවරී ඇති බව ස`දහන් කළ ජනාධිපතිතුමා වසර 30 ක යුද අත්දැකීම් සමඟ එම අභියෝගය ද නියත වශයෙන්ම ජයග‍්‍රහණය කරා මෙහෙයවීමට එම සියල්දෙුනාට හැකියාව තිබෙන බව කියා සිටියේය.
    වසර 30ක ම්ලේච්ඡු ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ දී ජීවිත පරිත්‍යාග කළ සහ ආබාධිත වූ රණවිරුවන් වෙනුවෙන් සිය ගෞරවය සහ ප‍්‍රණාමය පුද කළ ජනාධිපතිතුමා ඔවුන්ගේ දෙමාපියන්, බිරින්දැවරුන් ඇතුළු පවුල්වල සාමාජිකයන් වෙත ද සිය උපහාරය පිරිනැමීය.

    එමෙන්ම සේවාවන්හි නිරත සියලූ රණවිරුවන් අද දවසේ මාතෘභූමිය වෙනුවෙන් ඉටුකරන විශිෂ්ට මෙහෙවර ද ජනාධිපතිතුමා ඇගැයීමට ලක් කළේය.
    මේ අතර අපේ‍්‍රල් 21 වනදා ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් ජීවිත අහිමි වූ සියලුදෙනා සහ, ඔවුන්ගේ පවුල්වල ඥාතීන් ද සිහිපත් කරමින් ඔවුන් වෙනුවෙන් සිය සංවේගය පිරිනැමීමට ද ජනාධිපතිතුමා කටයුතු කළේය.

    මහා සංඝරත්නය ප‍්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන් ද, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් ද, ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා සහ ඒකාබද්ධ මාණ්ඩලික ප‍්‍රධානි ඇතුළු ති‍්‍රවිධ හමුදාපතිවරුන්, ආරක්ෂක අංශ ප‍්‍රධානින් සහ ජාතික රණවිරු සේවා අධිකාරියේ සභාපති ජම්මික ලියනගේ මහතා ඇතුළු නිලධාරින් මෙන්ම මියගිය සහ ආබාධිත වූ රණවිරුවන්ගේ පවුල්වල ඥාතීන් ඇතුළු විශාල පිරිසක් මීට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya