අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ කටයුතු ඇමති වොෂිංටන් නුවර නිල සංචාරයක

    මැයි 19, 2019

    එක්සත් ජනපදයේ දෙදින නිල සංචාරයක නිරත වූ විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා මැයි 16 වැනි දින එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයිකල් ආර්. පොම්පෙයෝ මහතා හමු විය.

    අප්‍රේල් 21 පාස්කු ඉරුදින ප්‍රහාරවලින් පසුව එක්සත් ජනපදය විසින් ලබා දෙන ලද සහය වෙනුවෙන්ද ත්‍රස්තවාදයට එරෙහි සටන වෙනුවෙන් ශ්‍රී ලංකාවට අඛණ්ඩව ලබා දෙන සහයෝගය සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ ස්තූතිය පළ කළේය. එක්සත්ජ නපද වෙළෙඳ දෙපාර්තමේන්තුවේ නිලධාරිනියකද ඇතුළු ප්‍රහාරයෙන් මියගිය එක්සත් ජනපද පුරවැසියන් පස් දෙනාගේ මරණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ඔහු ශෝකය පළ කළේය.

    ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට සහය වන ඇමෙරිකානු ඩොලර් මිලියන 480 ක සහස්‍රක අභියෝගතා ප්‍රදානයට අනුමතිය ලැබීම සම්බන්ධයෙන් අමාත්‍ය  මාරපන සහ රාජ්‍ය ලේකම් පොම්පෙයෝ යන මහත්වරුන්ගේ ප්‍රසාදය පළ විය. එක්සත් ජනපද-ශ්‍රී ලංකා සබඳතාව සහ අනාගත සහයෝගීතාව පිළිබඳවද ඔවුහු සාකච්ඡා කළහ.

    ඉන් අනතුරුව, අමාත්‍ය මාරපන මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නියෝජිත පිරිස තුන්වැනි එක්සත් ජනපද-ශ්‍රී ලංකා හවුල්කාරීත්ව සංවාදයට සහභාගී විය. මෙම හවුල්කාරීත්ව සංවාදය, ද්විපාර්ශ්වික සබඳතා සමාලෝචනය කොට ශක්තිමත් කිරීම සඳහා
    විධිමත් හා ව්‍යුහාත්මක ක්‍රියාපිළිවෙළක් සපයා දෙයි. හවුල්කාරීත්ව සංවාදයෙන් අනතුරුව නිකුත් කෙරුණු ඒකාබද්ධ ප්‍රකාශය මීට යා කොට ඇත.

    මෙම සංචාරය අතරතුරදී විදේශ කටයුතු අමාත්‍ය  මාරපන මහතා එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් මහතාද හමුවිය. විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ, යුරෝපා සංගමයේ, බෙල්ජියමේ හා ලක්සම්බර්ග්හි ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා, එක්සත් ජනපදයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අතරතුර තානාපති සරත් දිසානායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ උතුරු ඇමෙරිකා, ලතින් ඇමෙරිකා හා කැරීබියානු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ශානිකා දිසානායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ එක්සත් ජාතීන්ගේ හා නීති අංශවල අධ්‍යක්ෂ ජනරාල් ශෝබිනී ගුණසේකර, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ නීති උපදේශක ජයන්ත ප්‍රනාන්දු, මහබැංකුවේ මුල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂ ඩී.එම්.රූපසිංහ, සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යවරයාගේ උපදේශක අනුෂ්ක විජේසිංහ , වොෂිංටන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දේශපාලන කටයුතු පිළිබඳ අමාත්‍ය ප්‍රියංගා වික්‍රමසිංහ, වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍ය සුමේධ පොන්නම්පෙරුම සහ දේශපාලන කටයුතු පිළිබඳ උපදේශක චතුර පෙරේරා යන මහත්ම මහත්මීහු විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතාගේ නායකත්වයෙන් යුත් නියෝජිත පිරිසට ඇතුළත් වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya