අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බස්රථවල ආරක්ෂක වැඩ පිළිවෙළ සුපුරුදු ලෙසින්ම ක්‍රියාත්මකයි

    මැයි 19, 2019

    බස් රථ හා මඟී ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඩිපෝ මට්ටමින්,බස්රථ මට්ටමින් ආරක්ෂක කම්ටු පිහිටුවා  පෙර පරිදි ම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක බව ජාතික ගමනා ගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ධාවන) චන්ද්‍රසිරි මහතා රජයේ නිල වෙඩ් අඩවියට ප්‍රකාශ කළේ ය.

    වැඩි දුරටත් අදහස් දැක්වු ඒ මහතා ප්‍රකාශ කර සිටියේ, පෙර වසර මෙන් විශේෂ වෙසක් බස් සේවාවන් නොමැති වුවද ආසන්න වෙහෙර විහාරස්ථානවලට විශාල වශයෙන් බැතිමතුන් පැමිණියහොත් ඒ සඳහා අමතර බස් සේවාවන් සැපයිමට සියලුම ප්‍රාදේශීය කාර්යාලවලට ලිඛිත දැනුම් දි ඇති බවයි.

    මිට අමතරව කොළඔ ප්‍රධාන පරියන්ත බස් නැවතුම්පොළ වන බැසිටියන් මාවතේ යුද හමුදාව,පොලිසිය හා බුද්ධි අංශ සම්බන්ධ කරගෙන ආරක්ෂක කටයුතු පෙර පරිදිම සිදු වන බවයි. දිර්ඝ සති අන්තයක් බැවින් දුර ගමන් සේවා බස් රථ විශේෂයෙන් ඌව, නුවරඑළිය,රජරට ,උතුරු හා නැගෙනහිර යන පිට පළාත් සඳහා බස් රථ, සේවාවන් සුපුරුදු ලෙසින් ධාවනය කරබව බව නියෝජය සාමානාධිකාරිවරයා වැඩිදුරටත් පැවසිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya