මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික රණවිරු දිනයට සහ වෙසක් උත්සවයට සමගාමීව යුද්ධ හමුදා සාමාජිකයින් 500ක් රුධිරය පරිත්‍යාග කරයි

    මැයි 19, 2019

    රට වෙනුවෙන් දිවිපිදු විරෝධාර රණවිරුවන්ට උපහාර දක්වමින් මැයි මස 19 දිනට යෙදී තිබෙන ජාතික රණවිරු සැමරුම් දිනයට සමගාමීව මූලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 59, 64, 68 වන සේනාංකයන්හි සහ මූලතිව් ඉදිරි නඩත්තු පෙදෙසේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 500 කට අධික පිරිසක් මූලතිව් මූලික රෝහලේ දී සිය රුධිරය පරිත්‍යාග කරන ලදී.

    මූලතිව් ප්‍රදේශයේ සිවිල් වැසියන් සහ ආරක්‍ෂක හමුදාව අතර සුහදත්වය සහ සංහිඳියාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මූලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු මහතාගේ උපදෙස් මත 59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ සියලුම ශ්‍රී ලාංකීකයින් ඉදිරි දින කිහිපය තුළ සැමරීමට නියමිත ජාතික රණවිරු දිනය සහ වෙසක් උත්සවයට සමගාමීව මෙම රුධිර පරිත්‍යාග වැඩසටහන පැවැත්විණි.

    දිනය පූරා පැවැති මෙම රුධිර පරිත්‍යාග වැඩසටහනේ දී මුලතිව් මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 500 කට අධික පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව සිය රුධිරය පරිත්‍යාග කරන ලදී.

    SLAmy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya