අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රණවිරු උත්තම ප්‍රණාම සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්-සාමයේ පහනක් දල්වන්න

    මැයි 19, 2019

    යුද්ධයේදී දිවි පිදූ සහ ආබාධිත වූ රණවිරුවන්ට උපහාර දැක්වීමේ රණවිරු උත්තම ප්‍රණාම සැමරුම් උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මැයි මස 19 වන ඉරිදා අද පාර්ලිමේන්තු ක්‍රිඩාංගණයේදී පැවැත් වීමට සියළු කටයුතු සංවිධානය කර තිබේ.

    යුද්ධයේදී රණවිරුවන් 28,862ක් මිය ගිය අතර 48,415ක් රණවිරුවන් තුවාල සහ ආබාධ වලට ලක් වී තිබේ. මේ සෑම රණවිරුවෙකුටම සහ ඔවුන්ගේ පවුල්වල අයට කෘතඥතාවය දැක්වීමට හා අනුස්මරණය කිරීමට රජය සෑම වසරකම මෙම රණවිරු සැමරුම් දිනය පවත්වයි.

    සියළුම රණවිරුවන් සංකේතවත් කරමින් රණවිරුවන් 30කට පුෂ්පෝපහාර දැක්වීම මෙදින සිදු වේ. ප්‍රධාන උත්සවයට සමගාමීව දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම රණවිරු සැමරුම් උත්සව සංවිධානය කර තිබේ.
    මේ සඳහා රණ විරු පවුල් වල සාමාජිකයන් 6000කට ආසන්න ප්‍රමාණයක් සහභාගී වීමට නියමිත අතර ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව සහ ප්‍රවාහන පහසුකම් සියල්ල සපයා ඇති බව රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් ජේ.ජේ.පී.එස්.ටී ලියනගේ (විශ්‍රාමික) මහතා පැවසිය.

    මෙහිදී තවදුරටත් අදහස් දැක් වූ ඒ මහතා පැවසුවේ, අවුරුදු 30ක යුද්ධය නිමා කරමින් ආබාධිත සහ මියගිය රණවිරුවන්ගේ පවුල්වල අයගේ ජීවන තත්වය ගොඩ නැංවීම උදෙසා රණවිරු අධිකාරිය විවිධ ව්‍යපෘතින් රැසක් ක්‍රියාවට නංවා ඇති බවයි

    දශක 03ක් පුරාවට ශ්‍රී ලංකාව තුළ පැවති කුරිරු ත්‍රස්තවාදය මෙරටින් තුරන් කිරීම සඳහා රණවිරුවන් දිවිහිමියෙන් රට වෙනුවෙන් සටන් කොට ත්‍රස්තවාදය මුලින් උපුටා දමා සියලු ලක්වාසී ජනතාවට සාමය දායාද කර දී 2019.05.19 දිනට දස වසරක් සපිරීම නිමිත්තෙන් එම “දසවර්ශාභිෂේක” සැමරුමට සමගාමීව ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්‍ෂක බලකායේ ජීවිත කැප කළ විරෝධාර රණවිරුවන් සිහිකිරීම වස් 2019.05.19 වන දින 1900 පැයට දීපව්‍යාප්ත ආගමික ස්ථානයන්හි, රජයේ/පෞද්ගලික ආයතන වල, සියලුම නිවෙස් වල, ත්‍රිවිධ හමුදා කඳවුරු/ පොලිස් ස්ථාන තුළ “සාමයේ පහනක්” දක්වා ඔවුන් ස්මරණය කිරීමට සියලු මහජනතාව වෙත කාරුණිකව දන්වා සිටින බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya