මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැඩබලන ආරක්ෂක ඇමති මිනුවන්ගොඩ සංචාරයක

    මැයි 16, 2019

    කඩාකප්පල්කාරී පිරිසක් විසින් පසුගිය දා මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිදු කළ පහරදීමෙන් විනාශයට පත් දේපළ සම්බන්ධයෙන් සොයා බැලීමට සහ ජනතාව හමුවීමට වැඩබලන ආරක්ෂක අමාත්‍ය හා ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා එම ප්‍රදේශයේ සංචාරයක නිරත විය.

     කතානායක කරූ ජයසූරිය මහතා සමඟ මහනුවරට ගොස් මල්වතු සහ අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව  අමාත්‍යවරයා, මීගමුව ප්‍රදේශය වෙත පැමිණ  සිටියේ ය.

    එහිදී ප්‍රදේශවාසීන් හමු වූ අමාත්‍යවරයා, සිදු වී ඇති දේපළ නිරීක්ෂණය කළේ ය. මේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, නියෝජ්‍ය අමාත්‍ය එඩ්වඩ් ගුණසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හර්ෂණ රාජකරුණා, එස්. එම්. මරික්කාර් යන මහත්වරු ද සහභාගී වූහ. එහිදී අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සකච්ඡාවක් ද පැවැත්විණි.

    මේ වනවිට ගම්පහ මිනුවන්ගොඩ ප්‍රදේශයේ ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට ආරක්ෂක අංශ සමත්  වී ඇත. අද (16) දිනයේ දී පොලිස් ඇදිරි නීතිය පැනවීමට පොලීසිය විසින් කටයුතු කළේ නැත.

    ruwaaab

     

    ruwaaaa

    ඡායාරූප- යමුනී රශ්මිකා පෙරේරා- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya