අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අප්‍රේල් 21 ප්‍රහාරය ගැන මුස්ලිම් ජනතාව මහත් වේදනාවකට පත්වෙලා- අමාත්‍ය කබිර් හෂිම්

    මැයි 16, 2019

    ශ්‍රි ලාංකීය මුස්ලිම් දේශපාලඥයෙක් ලෙසින් කුරුණෑගල සහ ගම්පහ ඇති වු සිද්ධිය  වගේම ඊටත් වඩා අප්‍රේල් 21 දින සිදු වු පාස්කු ප්‍රහාරය පිළිබඳව තමා ඇතුළු මුස්ලිම් ජනතාව මහත් වේදනාවට පත්වන බවත් අද(15) ශ්‍රි ලංකා පදනම් ආයතනයේ දි පැවැති මාධ්‍ය හමුවක දි අමාත්‍ය කබිර් හෂිම් මහතා පැවසිය.

    එසේ වුවද එය සමාජය තේරුම් නොගත් බවත්,වැඩි වශයෙන් අයි එස් අයි එස් ත්‍රස්තවාදින් නිසා පීඩාවට පත් වුයේ මුස්ලිම් ජනතාව බවත්,හැම ජාතියකම, ආගමකම අන්තවාදින්, ත්‍රස්තවාදින්,ජාතිවාදින් සිටින බවත්,එසේ වුවද බහුතරය එසේ නොවන බව
    අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.

    සුළුතරයක ගේ ධර්මය අපේ ධර්මය නොවේ. අපේ උලමා සංගමය ත්‍රස්තවාදින් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. අපේ රටට නොගැළපෙන සංස්කෘතින් අයින් කරගන්න අපි ලැස්තියි.අපි වෙනස් වෙන්න ලැස්තියි.අපි මෙතෙක් කල් මේ කතා
    කළේ නැ.ඒත්, දැන් අපි මේ සම්බන්ධයෙන් පෙනි ඉන්නවා යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    මෙහිදි අදහස් දැක්වු ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවසුවේ,අපි මේ සිදු විම් සම්බන්ධයෙන් දැඩි වේදනාවකට පත් වෙලා ඉන්නේ.ඒ පිළිබඳව අපි කණගාටුව ප්‍රකාශ කළත් එය සමාජයට දැනෙන්නේ නැ. මොක ඒවා සියල්ල ප්‍රකාශ වෙන්නේ දෙමළ භාෂාවෙන් නිසා. අපි මේ සිදුවිම් සම්බන්ධයෙන් දැඩි ලෙස හෙළා දකිනවා.මේ සිදු වුණු දේවල් ගැන අපි පසුගිය කලේ දි දැනුම්වත් කලා.විවිධ රටවලට ගිහින් එන අපි ඒ රටවල සංස්කෘතික දේවල් ගෙනාවා. බුර්කාවත් ඒ වගේමයි.ඒවා අපේ සංස්කෘතියට එකතු වුණා. මද්‍රසා පාසල් පිළිබඳව නියාමනයක් අවශ්‍යයි .අපි ඒක පිළි ගන්නවා.ඒ සම්බන්ධයෙන් පනත් අවශ්‍යයි. මේවාට මුදල් ලැබෙන්නේ කොහොමද? ගුරුවරු ගන්නේ කොහොමද? ළමයි තොරා ගන්නේ කොහොමද? ආදියයි. අන්තවාදයෙන් අන්තවාදයෙන් පෝෂණය වෙනවා.මේවා සැඟවුණු න්‍යාය පත්‍ර අපි ඒවාට හඳුනා ගන්න ඕන.තරාතිරම නොබලා වරදක් කලා නම් ඒවාට දඩුවම් දෙන්න කියලා කියනවා.

    මේහිදි අදහස් දැක්වු හිටපු අමාත්‍යවරියක වූ ෆේරියල් අෆ්රොෆ් මහත්මිය ප්‍රකාශ කළේ, තමා කාදිනල් තුමාට ස්තුතිවන් වෙන බවයි.උන්වහන්සේ ගේ ඉවසී නොවන්නට තමන් මෙලෙසින් කතා කිරිමට වත් නොහැකි වන බව පැවසුවාය.අපි මහත් කම්පනයකින් සිටින්නේ.අපි සමඟ මේ වගේ අය ඉන්නවා කියලා අපි දැනගෙන හිටියේ නැ.මේ වන විට දෛනික ව යමක් උපයා ගත් අයට ගොඩක් අසීරුතාවයට පත් වෙලා ඉන්නේ.අපි හොයනවා අපි මොන විදියට ද අනිත් අයට වඩා වෙනස් වෙලා තියෙන්නේ කියලා.

    මෙහිදි හිටපු අමාත්‍යවරයකු වූ ඉමිතියාස් බාකිර් මාකර් මහතා ද තම අදහස් ඉදිරිපත් කරමින් කියා සිටියේ,මුස්ලිම් තරුණයින් පාවිච්චි කරලා එල්ල කරපු මේ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරය එන්නේ මුස්ලිම් ජනතාවට කියන එක එයාලා දන්නේ නැද්ද? ත්‍රස්තවාදයට ආගමක්,ජාතියක් නොමැති බව ඉන් ඔප්පු වෙනවා. අන්තවාදයෙන් අන්තවාදයෙන් පෝෂණය වෙනවා යැයි ද පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya