අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලිස් ඇදිරි නීතිය නැහැ- පොලිස් මාධ්‍ය ප්‍රකාශක

    මැයි 16, 2019

    මේ වන විට පවතින සාමකාමී වාතාවරණය සැලකිල්ලට ගෙන අද දින දිවයිනේ කිසිඳු ප්‍රදේශයකට පොලිස් ඇඳිරි නීතිය පැනවෙන්නේ නැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

     පවතින වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳව අද (16) මාධ්‍ය වෙත අඳහස් දක්වමින් මේ බව පැවසී ය.

    වයඹ පළාත හා මිනුවන්ගොඩ ප්‍රදේශය තුළ සිදුවුන ප්‍රචන්ඩ ක්‍රියා පිළිබඳ විමර්ශන දිගටම සිදු කෙරෙනවා. මේවාට සම්බන්ධ වූ පුද්ගලයින් පිළිබඳ සෙවීම සඳහාත් ප්‍රචන්ඩ ක්‍රියා සැලසුම් කළ පුද්ගලයින් පිළිබඳව සෙවිම සඳහාත් බුද්ධි අංශ නිලධාරීන් යොදවා තියෙනවා. ඒ වගේම ප්‍රචන්ඩ ක්‍රියාවන්ට සම්බන්ධ වෙලා මේ වන විට පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට සොයන පුද්ගලයින් සිටිනවානම් ඒ සැකකරුවන්ට පොලිසිවලට හෝ අධිකරණයට භාර විමට හැකියාව තියෙනවා.

    මේ වන විට පවතින සාමකාමී වාතාවරණය සැලකිල්ලට ගෙන අද දින දිවයිනේ කිසිඳු ප්‍රදේශයකට පොලිස් ඇඳිරි නීතිය පැනවෙන්නේ නැත. එයට හේතුව බහුතරයක් වන සාමකාමී ජනතාවගේ පහසුව සඳහායි. පොලිස් හා ත්‍රිවිධ හමුදාවේ ආරක්ෂාව උපරිමයෙන්ම යොදවා ඇති බැවින් පොලිස් ඇඳිරි නීතිය නොපැනවීම පිළිබඳව ලිහල්ව සිතන්නට එපා යන්න අවස්ථාවාදීන්ට ප්‍රකාශ කරනවා.

    ප්‍රඩණ්ඩ ක්‍රියාවන්ට සම්බන්ධ වී පොලිස් අත්අඩංගුවට පත්වන පුද්ගලයින් යම් දිනෙක විදේශ ගත වීමට හෝ රැකියාවකට යාමට හෝ වෙනත් කටයුත්තකට හෝ පොලිස් වාර්තාවක් ඉල්ලූ විට එම තැනැත්තා අත්අඩංගුවට ගැනීම පිළිබඳව පොලිස් වාතර්තාවල සඳහන් කිරීමට සිදු වෙනවා. තවද රැකියාවන් වල නිරත පුද්ගලයින්ගේ ආයතන වලට මෙම අත්අඩංගුවට පත්වීම් පිළිබඳව දැනුම් දීමට කටයුතු කරනවා.

    මෙම බොම්බ පිපිරීම් වලට සම්බන්ධ අන්තවාදී ත්‍රස්තවාදී පුද්ගලයින් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයෙක් ඊයේ දින අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු මොහොමඩ් රිස්වාන් නැමැති පුද්ගලයා, ඔහු බස්නාහිර පළාතේ බුද්ධි කොට්ටාශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත අත්අඩංගුවට ගනු ලැබුවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya