අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බන්ධනාගාර ඉතිහාසයේ වැඩිම සිරකරුවන් පිරිසකට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස

    මැයි 16, 2019

    මෙවර වෙසක් පුර පසළොස්වක පෙහොය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ සිරකරුවන් 762 දෙදෙනෙකු නිදහස් කිරීමේ රාජ්‍ය මහෝත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිකඩ බන්ධනාගාර ක්‍රිඩාංගණයේ දී වෙසක් පුර පසළොස්වක පෝදා ( 18) පෙරවරු 10.00 ට සිදු කිරීමට නියමිතව තිබේ.

     ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය යටතේ මෙසේ සිරකරුවන් සදහා ජනාධිපති පොදු සමාව ලබාදීමට නියමිත අතර, සියලුම සිරකරුවන් සදහා නිදහස ලබාදීම වැලිකඩ බන්ධනාගාර ක්‍රිඩාංගණය තුළ දී පමණක් සිදු කිරීම මෙවර විශේෂත්වය වී ඇත. සිරකරුවන් 736 දෙනෙකු සහ සිරකාරිනියන් 26 දෙනෙකු පොදු සමාව යටතේ නිදහස් කිරීමට නියමිතය.

    ඒ යටතේ වැලිකඩ බන්ධනාගාරයෙන් සිරකරුවන් 117 ක්, පල්ලේකැලේ එළිමහන් සිරකදවුරෙන් සිරකරුවන් 62 ක්, මහර බන්ධනාගාරයෙන් සිරකරුවන් 55 ක්, අනුරාධපුර බන්ධනාගාරයෙන් සිරකරුවන් 50 ක්, පල්ලන්සේන සිර කදවුරෙන් සිරකරුවන් 53 දෙනකු වශයෙන් බන්ධනාගාර තිහක සිරකරුවන් නිදහස් කිරීමට කටයුතු යොදා ඇත.

    ස්ත්‍රි දූෂණ, බාල අපරාධ හා මත් ද්‍රව්‍ය වැනි වැරදි සදහා දඩුවම් ලබා සිටින සිරකරුවන් හැර අනෙකුත් සුළු වැරදි සම්බන්ධව බන්ධනාගාර ගතව සිටින පුද්ගලයින් මෙසේ නිදහස් කිරීමට නියමිතව තිබේ. බන්ධනාගාර ඉතිහාසයේ වැඩිම සිරකරුවන් සංඛ්‍යාවක් එකවර නිදහස් කිරිම මෙවර විශේෂත්වය වන අතර ,මෙම අවස්ථාවට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ඇතුළු අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහභාගිවීමට නියමිතව තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya