අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අප්‍රේල් 21 සිද්ධිය සොයා බැලීමට තේරීම් කාරක සභාවක්- කතානායක

    මැයි 16, 2019

    සිදු වූ අවාසනාවන්ත සිද්ධීය සහ ඊට අදාළ සෑම ක්ෂේත්‍රයක් පිළිබදව සොයා බැලීමට තේරීම් කාරක සභාවක් පත් කිරීමට බලාපොරොත්තු වන බව කතානායක කරූ ජයසූරිය මහතා පවසයි.

    ආරක්ෂක ලේකම්, පොලිස්පති, හමුදාපතිවරු යන අය ඉදිරිපත් කෙරෙන ප්‍රකාශ ගැන පමණක් විශ්වාස කරන්න-

    පාස්කු ඉරිදා සිදුවූ සිදුවීමත් සමග පැතිරගිය කටකතාවල කිසිදු සත්‍යතාවයක් නොමැතිබව මේ වන විට ඔප්පු වී ඇති බවත් ඒවා රට අකාර්යක්ෂම කිරීම සදහා ගත් උත්සාහයන් පමණක් බවත් කතානායක කරු ජයසූරිය මහතා පවසයි.එබැවින් වත්මන් තත්වය පිළිබදවද ඉදිරියේදී ආරක්ෂක ලේකම්, පොලිස්පති, හමුදාපතිවරු යන අය ඉදිරිපත් කෙරෙන ප්‍රකාශ ගැන පමණක් විශ්වාස කරන ලෙසත් ඔහු තව දුරටත් පැවසීය.


    කතානායකවරයා මෙම අදහස් පළ කළේ (15) මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි සහ රාමඤ්ඤ නිකායේ මහානායක ස්වාමීන් වහන්සේලා බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමිනි.

    මෙහිදී තව දුරටත් කරුණු දැක්වූ කතානායකවරයා මෙම සිදුවීම් මාලාව පුරා අපගේ ආරක්ෂක සේවා පොලීසිය සහ බුද්ධි අංශ විසින් ඉටු කළ ක්‍රියාකලාපය ප්‍රශංසනීය බව පැවසූ කතානායකවරයා දින කිහිපයක් තුළ ආරක්ෂක තත්වය සමනය කළ හැකි වූයේ ඔවුන්ගේ කැපවීම නිසා බවද පැවසීය. ලෝකයේ බොහෝ රටවල ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන පුද්ගලයන්ද මෙරට ආරක්ෂක අංශ විසින් ඉටු කළ සේවය අගය කොට ඇති බව ද පෙන්වා දුන් කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවෙන් ඔවුන් වෙනුවෙන් ඉටු විය යුතු සියළු කාර්යයන් ඉදිරියේදී ඉටු කරන බවත් පැවසීය.

    සිදු වූ අවාසනාවන්ත සිද්ධීය සහ ඊට අදාල සෑම ක්ෂේත්‍රයක් පිළිබදව සොයා බැලීමට තේරීම් කාරක සභාවක් පත් කිරීමට බලාපොරොත්තු වන බව සදහන් කළ කතානායකවරයා ඉදිරියේදී ජනවාර්ගික සහයෝගීතාව සහ රටේ ආරක්ෂාව තහවුරු කිරීමටත් පූර්ණ බලැති කොමිසමක් පත් කිරීමට ජනාධිපතිවරයාට යෝජනා කිරීමට කටයුතු යොදන බවත් පැවසීය. මෙවර වෙසක් උත්සවය සැමරීම කඩාකප්පල් කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක වන බව පැවසූ කතානායකවරයා කිසිදු අඩුපාඩුවක් නොමැතිව වෙසක් උත්සවය පැවැත්වීමට අවශ්‍ය කටයුතු යොදමින් පවතින බවත් මෙහිදී පැවසීය.

    ආමිස පූජා වලට වඩා ප්‍රතිපත්ති පූජා පවත්වමන් මෙවර වෙසක් උත්සවය පැවැත්වීමට හැකියාව ඇති බව පැවසූ කතානායකවරයා අග්‍රාමාත්‍යවරයා සහ වැඩබලන ආරක්ෂක ලේකම්වරයා ආරක්ෂාව පිළිබද සහතිකයක් ලබා දී ඇති බවද පැවසීය. මහානායක ස්වාමීන් වහන්සේලා මුණ ගැසුනු අවස්ථාවේ මේ පිළිබද දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවද කරු ජයසූරිය මහතා ප්‍රකාශ කරන ලදී.

    මෙම අවස්ථාව සදහා වැඩ බලන ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා ද සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya