අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැයි දහතුන් වැනිදා කලබල ඇති කළ පිරිස් වල අරමුණ රජය අසීරුතාවයට පත් කිරීමයි -අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර

    මැයි 16, 2019

    අප්‍රේල් 21 වැනි දා ප්‍රහාරයන්ගෙන් පසු ගතවූ සති තුන තුළ රට සාමාන්‍ය තත්වයට පත්වෙමින් තිබියදී පසුගිය 13 වැනිදා සංවිධානය වූ පිරිසක් හලාවත,කුලියාපිටිය නාරම්මල හා නිකවැරටිය ආදී ප්‍රදේශ වල කලබල ඇති කෙළේ කළේ, රජය අසීරුතාවයට පත් කිරීමේ අරමුණින් බව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ ඇමති රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.

    ජාතිවාදීන්ගේ මේ ක්‍රියා වලින් සමහරු පටු දේශපාලන වාසි ගැනීමට කටයුතු කරන බවත් අගමැතිවරයා කැබිනට් මණ්ඩලය වහා රැස් කොට පොලීසියට හා ආරක්ෂක හමුදාවලට බල තල ලබා දී මේ තත්ත්වය පාලනය කළ බවත් අරලියගහ මන්දිරයේ දී ඊයේ (15)පැති මාධ්‍ය හමුවකදී ඇමතිවරයා කීය.

    "රටක හොඳම ආයෝජනය අධ්‍යාපනයයි .සමහරු අසත්‍ය ප්‍රචාර ගෙන යමින් පාසල් විවෘත කිරීමට විරුද්ධව කටයුතු කලා .රජය පාසල් විවෘත කෙළේ පොලිස්පතිගෙන් හා හා හමුදා පතිවරුන් ගෙන් විමසා බලා ආරක්ෂාව තහවුරු කිරීමෙන් පසුව බව ද මද්දුම බණ්ඩාර මහතා සඳහන් කෙළේ ය . අප්‍රේල් 21 දා ප්‍රහාරයන් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරගෙන යන පරීක්ෂණ වලින්සියයට අනූවක් පමණ දැන් අවසන් වී ඇති බවත් මැයි දහතුන් වැනිදා සිද්ධීන් සම්බන්ධයෙන් හැත්තෑවකට අධික පිරිසක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවත් ඒ මහතා තවදුරටත් පැවසීය . මෙහිදී අඳහස් දැක්වූ වැවිලි කර්මාන්ත ඇමැති ඇමැති නවීන් දිසානායක මහතා :

    .මැයි 12 සහ13 දිනවල කලබල මෙහෙය වූ පුද්ගලයින් පිළිබද තොරතුරු රජයට ලැබී ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්ත මේන්තුව ඔවුන් අත්ඩංගුවට ගැනීමට කටයුතු කරගෙන යන බව කී ය .හැම විටම ජාතික ආරක්ෂාවට මුල්තැන දෙන මේ රජය අයි එස් ත්‍රස්තවාදීන් ට ශ්‍රී ලංකාවට ඇතුළු වීමට කිසිසේත්ම ඉඩ නොතබන බව ද තව දුරටත් කරුණු දැක්වූ ඇමතිවරයා අවධාරණයෙන් පැවසීය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya