අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගෝලීය ත්‍රස්තවාදයේ අභියෝගයට මුහුණ දෙනවා- අමාත්‍ය කබීර් හෂීම්

    මැයි 15, 2019

    රට හමුවේ ඇති ගෝලිය ත්‍රස්තවාදයේ අභියෝගයට රජය සාර්ථකව මුහුණ දී තිබෙන බව මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

    මෙම අදහස් පළ කළේ, ''හදවත් යා කෙරෙන රන් මාවත්'' ජාතික සංවර්ධන වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක් වෙමිනි. ඒ යටතේ අග්‍රාමාත්‍යවරයාගේ සුරතින් රත්නපුර මුද්දුව - දෙමුවාවත පාලම විවෘත කිරීම හා මල්වල හංදියේදී මල්වල - ශ්‍රී පලාබද්වල මාර්ගයේ වැඩ ආරම්භ කිරීම සිදුවිය.

    මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

    2015 අගමැතිතුමා මේ රට බාරගත්තේ ප්‍රශ්ණ වැලක් එක්ක. කෝටි ගාණක ණය කන්දක් තිබුණා. අපි ඒ සඳහා පසුබෑවේ නැහැ. අපි ප්‍රශ්නයට සාර්ථකව මුහුණ දුන්නා. රටේ විවිධ ප්‍රදේශවල නියඟය, ගංවතුර ඇතුළු ස්වභාවික විපත් රාශියක් ඇති වුනා. ඒවාටත් සාර්ථකව මුහුණ දුන්නා. ඒ වගේම විවිධ දේශපාලන අර්බුද රැසකට පසුගිය කෙටි කාලය තුළ මුහුණ දීමට සිදු වුනා. පසුගිය ඔක්තෝබර් මාසයේ සිදු වූ දේශපාලන කුමණ්ත්‍රණය පරාජය කිරීමට රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වය යටතේ හැකියාව ලැබුණා. රජයේ ශක්තිය මුුළු ලෝකයටම පෙන්වීමට එදා අවස්ථාව ලැබුණා. බිඳ වැටී තිබුණු ආර්ථීකය දිනෙන් දිනම යථා තත්වයට පත්කර ගැනීමට රජයක් ලෙස කටයුතු කලා.

     

    අදත් අපට අලූත් අභියෝග තිඛෙනවා. ඒ ගෝලීය ත්‍රස්තවාදයයි. එම ගෝලීය ත්‍රස්තවාදයට රජයක් ලෙස සාර්ථකව මුහුණ දී තිඛෙනවා. සති දෙකක් තුල එම ත්‍රස්ථවාදය මෙල්ල කිරීම, කළමනාකරණය කිරීමට අපේ හමුදාවන්ට හැකි වුනා. ඉදිරි දින කිහිපය තුළ එම ත්‍රස්තවාදය සුද්ද කර දැමීමට රජය පියවර ගන්නවා. මේ රජයට හයිය තිබෙනවා. අගමැතිතුමා මේ සියළු අභියෝග සමඟ රටේ ආරක්ෂාව වෙනුවෙන් කැප වෙනවා. සමහරු අහනවා මොකක්ද රජය කරලා තියෙන්නේ කියලා. ඔබලාගේ හදවතට තට්ටු කර බලන්න මේ රජය පසුගිය කාලේ සිදු කල සේවය පිලිබඳව. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වය යටතේ මහාමාර්ග අමාත්‍යාංශයට ලබාදී ඇති ඉහල ප්‍රතිපාදන යොදා ගනිමින් ජනතාවට වඩාත් කඩිනම් සේවයක් ලබාදීමට කටයුතු කරනවා.


    2015 නව රජය මෙරට නව වෙනස්කම් රැසක් සිදුකලා. මහාමාර්ග අමාත්‍යාංශයේ කාර්යයන් වඩාත් කාර්යක්ෂම කර කඩිනමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කලා. ඒ වගේම සියළු දෙනාගේ මානුෂික අංශය දෙස බලා කටයුතු කලා. පසුගිය රජය සමයේ මාර්ග පුළුල් කරන විට බලෙන් ජනතාවගේ කණෙන් ඇදල දාලා, පැය 24න් ජනතාව පාරට ඇදල දාල මාර්ග පළල් කළා. එම ජනතාවය තඹ සතයක් වත් ගෙව්වේ නැහැ. ජනතාවගේ ඉඩම් බලෙන් පවරා ගත්තා. වන්දි ගෙව්වේ නැහැ. නමුත් වත්මන් රජය එම වැඩපිළිවෙල නතර කලා. මේ රජය හැමවිටම ජනතාවගේ අයිතිය සුරක්ෂිත කරනවා. ගරු අගමැතිතුමා අපට උපදෙස් දුන්නේ කිසිවෙකුගේ ඉඩමක් බලෙන් ගන්න එපා කියලා.

    පසුගිය වසර 4 ඇතුලතදී වත්මන් ආණ්ඩුව විසින් රු.කෝටි 5500ක මුදලක් වන්දි වශයෙන් ජනතාවට ගෙවා තිඛෙනවා. එම වන්දි වලින් රු.කෝටි 3500ක්ම ගෙවල තියෙන්නේ පසුගිය රජය බලෙන් පවරා ගත් ඉඩම් හිමියන්ගේ වන්දි ගෙවීමට. මේ රජය එම සියළු මුදල් ඉඩම් හිමි ජනතාවට ගෙව්වා. පසුගිය රජයේ පරණ පව් වලට සල්ලි හොයලා දෙන්නත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සිදු වුනා. අඩු තරමින් හම්බන්තොට සූරියවැව අඩි සීය මාර්ගය පුළුල් කිරීමේදී බලෙන් පවරාගත් ඉඩම්වලටත් වන්දි ගෙවන්න සිද්ධ වුනේ වත්මන් රජයටයි. එම වන්දිත් මීට මාස 3කට කලින් ගෙවීමට ක්‍රියා කළා.ප්‍රථමයෙන්ම අපට සොයා බලන්නට සිදුව තිබුණේ පසුගිය රජයේ අසාධාරණකම් ගැනයි. ඉන් පසු මේරටේ පවතින අනෙකුත් ප්‍රශ්න වට විසඳුම් සෙවීමට ක්‍රියාත්මක වුනා.


    ලංකාවේ සෑම මැතිවරණ කොට්ධාශයකටම මේ වන විට රු. ලක්ෂ 800 බැගින් වෙන්කර ලබාදී තිබෙනවා. මේ මොහොත වන විට දිවයින පුරාම මාර්ග ඉදිකිරීමේ වැඩපිලිවෙල ආරම්භ කර තිබෙනවා. මෙම ව්‍යාපෘතියට අමතරව දිවයිනේ ආගමික ස්ථාන වලට ගමන් කරන ප්‍රවේශ මාර්ග සියල්ලම වැඩි දියුණු කිරීම සඳහා වෙනම ප්‍රතිපාදන වෙන්කර තිබෙනවා යැයි පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya