අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක,පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා විසින් පවතින ආරක්ෂක තත්ත්වය සමබන්ධයෙන් කළ පැහැදිළි කිරීම

    මැයි 13, 2019

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක,පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා විසින් පවතින ආරක්ෂක තත්ත්වය සමබන්ධයෙන් කළ පැහැදිළි කිරීම

    කුලියාපිටිය හෙට්ටිපොළ මාර්ගයේ වෙළඳ සැල් 03 කට පහර දීමේ සිද්ධියක් ඊයේ සවස වාර්තා වුනා . එම සිද්ධිය පාලනය කිරීම සඳහා ඊයේ රාත්‍රි එම ප්‍රදේශයට පොලිස් ඇඳරි නීතිය ක්‍රියාත්මක කළා. අදත් කුලියාපිටිය ආශ්‍රිත ප්‍රදේශයේ වෙළඳ සැල් කීපයකට ගල් ප්‍රහාර එල්ල කිරීම් වාර්තා වුනා, ඒ අනුව පොලිස් වසම් 04 කට හා ඉන් අනතුරුව පොලිස් වසම් 02 ට ඇතුලුව පොලිස් වසම් 06 කට පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළා. තව දුරටත් එම සිද්ධීන් පැතිරීම නතර කිරීමට හා සමස්ථ සිද්ධිය පාලනය කිරීමට වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු වයඹ පළාතට ම පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කළා.

    මෙම සිද්ධියත් සමඟ නොයෙකුත් අසත්‍ය ප්‍රචාර පැතිරෙනවා. මෙහිදී දේපල හානි කිපයක් වාර්තා වුවත් පුදගලයින්ට කිසිඳු තුවාලවීම් වාර්තා වුයේ නෑ. ජාතීන් අතර ආරවුල් හා නොසන්සුන්කාරී තත්ත්වයන් හරහා සිදු වන්නේ ජාතික ආරක්ෂාවට යෙදවීමට ඉන්නා පොලිස්, ත්‍රිවිධ හමුදා නිලධාරීන් එම තත්ත්වයන් පාලනය කිරීමට ඒ ඒ ප්‍රදේශවල යෙදවීමට සිදු වීමයි. සමාජ මාධ්‍ය වලින් හා කටකතා මගින් ජාතීන් අතර අසමගිය, වෛරය, භිතිය යන අසත්‍ය ප්‍රචාර සමාජයට හානි වෙනවා. මෙයට
    හොඳම උදාහරණය වන්නේ ඊයේ හලාවත සිද්ධියයි. එය සමාජ මාධ්‍ය හරහා බහින්බස් වීම දුරදිගයාමක් සිදු වී තියෙනවා. එක් පුද්ගලයෙක් අත්අඩංගුවට ගනු ලැබුවා. අද ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි 24 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තියෙනවා. හලාවත සිද්ධිය මේ වන විට සම්පූර්ණයෙන්ම අවසන් කර තියෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ ජාතීන් අතර අසමගිය, වෛරය ඇතිවන, මහජනතාව භීතියට පත්වන අසත්‍ය ප්‍රචාර පතුරුවන තැනැත්තන් පිළිබඳව පරීක්ෂා කිරීමට පොලිස් මූලස්ථානයේ විශේෂ ඒකකයක් ස්ථාපිත කරනු ලැබුවා. මෙවැනි ප්‍රචාරයන් ඔස්සේ ජාතීන් අතර වෛරය අසමගිය භීතිය ප්‍රචාරය කරන්නන් අවශ්‍ය ඒකකවලට යොමු කිරීම හෝ විමර්ශන ආරම්භ කිරීමට හෝ ඉදිරි කටයතු සිදු කිරීමට මේ විශේෂ ඒකකය මගින් සිදු කරනවා. මෙවැනි අසත්‍ය ප්‍රකාශ නිර්මාණය කිරීම, සමාජ මාධ්‍ය වලට මුදා හැරීම, හා තවත් අය වෙත යැවීම වරදක්වනවා. එය හදිසි අවස්ථා රෙගුලාසිය යටතේ වසර 03 සිට වසර 07 දක්වා සිර දඩුවම් ලබා දෙනවා. ඊට අමතරව සිවිල් හා අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනත යටතේ එවැනි ක්‍රියා තහනම් කර තියෙනවා. එහි දී වසර 10 දක්වා සිර දඩුවම් ද ලබා දෙනවා.

    අද දිනය පිළිබඳව ද විශාල භීතියක් මහජනතාව තුළ ඇති කර තිබුණා. පසුගිය දිනවල දිගින් දිගටම අප විශේෂ ආරකෂාව සලසා ඇති බව ප්‍රකාශ කළා. එහිදි මහජනතාවගෙන් ඉල්ලීමක් කලා ජනතාවගේ එදිනෙදා කටයතු සුපුරුදු පරිදි කර ගන්නන කියා. තව දුරටත් එවැනි අසත්‍ය ප්‍රචාරයන්ට රැවටෙන්න එපා යන ඉල්ලලීම අප නැවතත් ඉල්ලනවා.
    අප්‍රෙල් 21 කොච්චිකඩේ බොම්බ ප්‍රහාරයට පැමිණි බෝම්බකරු පැමිණි අංක Wඵ් ඵ්J 4080 වෑන් රථයේ ලියාපදිංචි අයිති කරු වූයේ කිංග්ස්බරි හෝටයේ බෝම්බ පිපිරවූ බෝම්බකරු වූ මොහොමඩ්
    අසාම් මොහොමඩ් නිසාම් යන අයටයි. එම වෑන් රථය ද කොච්චිකඩේ ප්‍රහාරයෙන් පසු පිපිරීමකට ලක් කිරීමට බොම්බ සහිතව සූදිනම් කර තිබුණා. පසු දින (22) එය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් එම වෑන් රථය ආරක්ෂා සහිතව පුපුරුවා හැරියා. මෙම වෑන් රථය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දිගින් දිගමට පරීක්ෂණ සිදු කළා. එහිදි අනාවරණය වූයේ වෑන් රථයේ ලියාපදිංචි අයිතිකරු සමඟ මෙම වෑන් රථය මිලදී ගැනීමට හා ආසන සකස් කිරීමට තවත් තැනැත්තෙක් සම්බන්ධ වී තියෙනවා. ඒ තැනැත්තා සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන කටයුතු සිදු කරනවා. ඒ අනුව ඔහුව දැක තිබුණු සාක්ෂිකරුවන් 04 දෙනෙකුගේ ප්‍රකාශ අනුව ඔහු වයස අවුරුදු 35- 40 අවධියේ පසුවන, කෙට්ටු සිරුරක් සහිත, උස අඩි 05යි අඟල් 6ක් පමණ වූ මුහුණ පුරා රැවුල වවා ඇති, තලෙලු පැහයෙන් වූ පුද්ගලයෙන්. එක් එක් සාක්ෂි කරුවන්ගේ ප්‍රකාශ අනුව පොලිස් අපරාධ වාර්තා කොට්ටාශයේ පොලිස් නිලධාරියෙක් විසින් සැකකරුගේ රුවට සමාන චිත්‍ර 04ක් අඳිනු ලැබුවා. මේ පුද්ගලයා පිළිබඳ තොරතුරු

    0112422176
    0112392900
    යන අංක ඔස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු ලබා දෙන්න.

    බලපත්‍ර නොමැති නිති විරෝධී පුපුරණ ද්‍රව්‍ය ලඟ තබා ගන්නා
    තැනැත්තන් ඒවා පොලීසිය වෙත භාර දීමට දින 03ක කාලයක් ලබා
    දුන්නා. එම කාල සීමාව හෙට (14) පෙ.ව. 6.00න් අවසන් වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya