මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙවර වෙසක් උත්සවය ප්‍රතිපත්ති පූජාවලට සීමා කෙරේ -තොරණ, දන්සැල් නැහැ - බුද්ධ ශාසන ඇමැති කියයි

    මැයි 08, 2019

    මෙවර වෙසක් උත්සවය ප්‍රතිපත්ති පූජාවන්ට සීමා කරමින් තොරණ ,සැණකෙළි හා උත්සව වලින් තොරව චාම් අන්දමින් පැවැ වීමට රජය තීරණය කොට ඇත .

    ඒ අනුව මෙවර වෙසක් උත්සවය මැයි 17 සහ 18 දින දෙකට පමණක් සීමා කෙරෙන බවත් සියලුම නිවාස ,ගොඩනැගිලි හා මං මාවත් බෞද්ධ කොඩි වලින් හා වෙසක් සැරසිලි වලින් අලංකාර කරන ලෙස ජනතාව ගෙන් ඉල්ලා සිටින බවත් බු ශාසන හා වයඹ සංවර්ධන ඇමති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාසිය අමාත්‍යාංශයේ ඊයේ (07)පැති මාධ්‍ය හමුවකදී පැවසීය .

     

    ශ්‍රී ලංකාව තුළ වර්තමානයේ උද්ගත වී ඇති අයහපත් තත්ත්වය හේතු කොටගෙන ජාතික වෙසක් උත්සවය සහ ඊට සමගාමී ව දිවයින පුරා පවත්වනු ලබන ආමිස හා ප්‍රතිපත්ති පූජාවන් පැවැත්වීම පිළිබඳ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ බෞද්ධ උපදේශක සභාවේ අනුමැතිය ඇති ව අමාත්‍ය මණ්ඩලය විසින් මෙම තීරණය ගනු ලැබූ බව ද ඇමතිවරයා කීය .

    සෑම විහාරස්ථානයකට ම හමුදා ආරක්ෂාව සෙපෙයන යන අතර පොහෝදා සිල් සමාදන් වීම ඇතුළු හා ආගමික වතාවත් ඒ සඳහා පැමිණෙන සැදැහැවතුන් දැඩි පරීක්ෂාවට භාජනය කෙරේ . මේ වසරේ රාජ්‍ය වෙසක් උත්සවය මැයි 17 වැනි දින තෙල්වත්තේ ,තොට ගමුව රන්පත් රජමහා විහාරයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත .මේ ඒ නිමිත්තෙන් විශේෂ ප්‍රදර්ශන කුටි හා පෙරහරවල් ආදිය යොදා නොගන්නා බව ද ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පැවසී ය .

    එසේ ම ත්‍රස්ත ප්‍රහාර වලින් මිය ගිය අයට පින් පැමිණවීමටත් මේ රටේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත් ඉල්ලා සෑම විහාරස්ථානයකම බෝධි පූජා ආදී පින්කම් පවත්වන ලෙස විහාරාධිපති හිමිවරුන් ගෙන් ඉල්ලා සිටින බව ද ඒ මහතා තව දුරටත් කීය . දැනට වසා දමා තිබෙන දහම් පාසල් ඉදිරියේ දී රට පුරා ම එක ම දිනයක ආරම්භ කිරීමට පියවර ගන්නා බව ද ඇමතිවරයා තවදුරටත් සඳහන් කළේ ය .

    බෞද්ධ උපදේශක සභාවේ සාමාජික හිමිවරුන් කිහිප නමක් ද සහභාගි වූ මෙම මාධ්‍ය හමුවේ දී අස්ගිරි පාර්ශ්වයේ පාර්ශ්වයේ අනුනායක ආණමඩුවේ දම්මදස්සි නා හිමියෝද අදහස් දැක්වූහ ..

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya