අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කඩා වැටුණු සංචාරක ව්‍යාපාරය නගා සිටුවීමට රජයෙන් සහන පැකේජයක් - මුදල් රාජ්‍ය අමාත්‍ය

    මැයි 08, 2019

    පාස්කු ඉරිදා එල්ල වූ තුස්ත ප්‍රහාරය නිසා පසුබෑමකට ලක් වූ ආර්ථිකය යළි නගා සිටුවීමට රජය කටයුතු කරන බව ඇමති ඉරාන් වික්‍රමරත් මහතා පවසයි.

    ඒ මහතා මේ බව පැවසුෙව් ඊයෙ(07) මුදල් අමාත්‍යංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිණි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරය යළි නගා සිටුවීම සඳහා එම ක්ෂ්‍රේත්ත්‍රයේ යෙදී සිටින කුඩා පරිමාණයේ සිට මහා පරිමාණ සෑම ව්‍යාවසායකයකුටම වසර2020 දක්වා
    ණය ගෙවීමේ අවුරුද්දක සහන කාලයක් ලබා දීමට රජය කටයුතු කරන බවයි. මුල්‍ය සහන ලබාදීමට රාජ්‍ය සහ පෞද්ගලික බැංකු සමග සාකච්ඡා කර ඇති බවද පැවසීය.

    තවද එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය යටතේ ජය ඉසුරු සහ Green Loan ණය යෝජනා ක්‍රම 2 තවදුරටත් ක්‍රියාත්මක වේ. මේ යටතේ සංචාරක ක්ෂ්‍රේත්‍රය සඳහා පමණක් පුද්ගලයන් 517දෙනෙකු අතරේ රුපියල් බිලියන 15ක මුදලක් ණය ලබා දී ඇත .මෙම ප්‍රාග්ධනය සහ පොළිය නැවත අය කරගනු ලබන්නේ ලබන වසරේ ජූලි මාසයේ සිටයි.

    තවද හෝටල් ක්ෂ්‍රේත්‍රය සඳහා එකතු කල අගය මත බද්ද (VAT) 2019 අප්‍රේල් මස සිට 2020 අප්‍රේල් මස දක්වා අවුරුද්දක කාලයක් 5% දක්වා අඩු කර තිබෙන බවද ඒ මහතා පැවසීය.
    2014 සිට 2018 වසර දක්වා මෙරට සංචාරකයින්ගේ පැමිණීම ලකෂ 10කින් පමණ වර්ධනය වූ බවද ලැබුණු අදායම ඩොලර් බිලියන 4.4කට ආසන්න වූ බවද නැවතත් සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවද  පැවසීය.
    මෙරට ආරක්ෂාව තහවුරු කිරිම සඳහා අවශ්‍ය නවීන ආරක්ෂක උපකරණ මෙරටට ගෙන්වීම සඳහා බදු සහන ලබා දෙන බවද පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා, සංචාරක ක්ෂ්‍රේත්‍රයට පමණක් නොව පාසල් ඇතුළු රාජ්‍ය ආයතන මෙන්ම පෞද්ගලික අංශ සඳහා අවශ්‍ය බෑග් මළු, වාහන, සහ පුද්ගලයන් පරීක්ෂ කල හැකි නවීණ ආරක්ෂක උපකරණ ගෙන්වීම සඳහා මෙම සහන ලබා දෙන බවද පැවසීය.

     මෙම අවස්ථාවට එක් වූ සංචාරක සංවර්ධන, සහ ක්‍රිස්තියානි ආගමික අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පැවසුවේ සංචාරකයින් නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා ලෝක ප්‍රජාව සමග එක් වී අවශ්‍ය ප්‍රවර්ධන කටයුතු ඉදිරියේදී සිදු කරන බවයි

     ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති කිෂූ ගෝමස් මහතා ද මෙම අවස්ථාවට එක්ව  විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya