මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුස්ලිම් ප්‍රජාව මෙවැනි මිලේච්ඡ පහත් ක්‍රියාවකට හෝ මෙවැනි සංකල්පවලට කිසිදු සහයෝගයක් ලබා දෙන්නේ නෑ- අමාත්‍ය රාවුෆ් හකීම්

    මැයි 07, 2019

    මුස්ලිම් ප්‍රජාව මෙවැනි මිලේච්ඡ පහත් ක්‍රියාවකට මෙන් ම මේ වගේ සංකල්පවලට කිසිදු සහයෝගයක් ලබා නොදෙන බවත් සැලසුම් සහගත මේ කුමන්ත්‍රණයේ ජාත්‍යන්තර බලවේග හඳුනාගත යුතු බවද අමාත්‍ය රාවුෆ් හකීම් මහතා අද (7) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, පසුගිය පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු රටේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් විවාදයට ගැනෙන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවට අඳහස් දක්වමිනි.

    අපි නැවතත් ඇඟිල්ල දිගු කරන තත්වයට පත්වෙයි කියලා හිතනවා. ජීවිත හානියට පත් වූ ප්‍රජාව මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාව මරණයට මුහුණ දුන් අවස්ථාවක මේ දරුණු දෙය කළ අයගේ අරමුණ කුමක්ද? කුමන අරමුණක් සඳහා මෙවැනි පහත් ක්‍රියාවක් කළා ද? කියා සූක්ෂමව බැලිය යුතුයි. මෙවැනි කල්ලියක් ඉතාම පහසුවෙන් මේ රටෙන් විනාශ කර දැමිය හැකියි. මේ කල්ලිය ජාත්‍යන්තර ඉස්ලාමීය රජ්‍යයක් බිහිකරනව, කියන  උපකල්පයනයක් තුළ තම පවුලේ අය විනාශ කරගත් මෝඩ ක්‍රියාවක් කළා.

    මරගෙන මැරෙන කිසිකෙනෙක් ස්වර්ගයට යනවා කියන එක පවා වැරදියි කියලා ආගමික නායකයින් කියා තිබෙනවා. කුමන ඉලක්කයක්වත් ළඟ කර ගන්නේ නතිව ඔවුන්ව මරාගෙන.මේ කල්ලිය හඳුනාගැනීමයි වැදගත්. මොන බලවේගයක් මොවුන්ට මෙවැනි දෙයක් කරගන්න බලකෙරුවාද කියලා හඳුනා ගැනීම වැදගත්.මුස්ලිම් ප්‍රජාවගේ කිසිම සහයෝගයක් ලබාදී නෑ.මෙවැනි කල්ලියකට.

    මේ බලවේගය අප හඳුනාගත යුතුයි. ත්‍රස්තවාදයට එරෙහිව මුස්ලිම් ජනතාව සහයෝගය ලබාදෙන අවස්ථාවක්. මේ භීතිය හා සැකය පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. ඉහළ ඉවසීමකින් රජයට හා ආරක්ෂ අංශවලට ලබා දෙමින් සිටිනවා.මුස්ලිම් ප්‍රජාව මෙවැනි මිලේච්ඡ පහත් ක්‍රියාවකට, මේ වගේ සංකල්පවලට කිසිදු සහයෝගයක් ලබා දෙන්නේ නෑ.මේ කල්ලිය විනාශ කළ හැකියි.සැලසුම් සහගත මේ කුමන්ත්‍රණයේ ජාත්‍යන්තර බලවේග හඳුනාගත යුතු බවද අමාත්‍යවරය පැවසී ය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya