අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම පිණිස ගුවන් හමුදාව අවශ්‍ය සහයෝගය ලබාදෙනවා

    මැයි 07, 2019

    මඟීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි සියලු පියවර ගුවන් හමුදාව විසින් සැලසුම් සහගතව ක්‍රියාත්මක කළ  බවත් රටේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම පිණිස ගුවන් හමුදාව අවශ්‍ය සහයෝගය ලබා දෙන බවත් ගුවන් හමුදාපති එයාර් වයිෂ් මාර්ෂල් කපිල ජයම්පති මහතා විශේෂ ප්‍රකශයක් කරමින් සඳහන් කරයි.

    තවදුරටත් අඳහස් දැක්වූ ගුවන් හමුදාපතිවරයා;

    අප්‍රේල් 21 සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසුව ගුවන් හමුදාව කටුනායක බණ්ඩාරනායක  ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගත්තා. මඟීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි සියලු පියවර ගුවන් හමුදාව විසින් සැලසුම් සහගතව ක්‍රියාත්මක කළා. මෙවැනි අවස්ථාවක මඟීන්ගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා.ගුවන් හමුදාව ගුවන් තොටුපලේ ආරක්ෂාව  දැඩි කොට තිබෙනවා.

    ගුවනෙන් වියහැකි ඕනැම තර්ජනයකට මුහුණ දීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. කටකතාවලට හසුවෙන්න එපා. ගුවන් හමුදාව පැත්තෙන් සියලු ආරක්ෂාව සඳහා සෑම පියවරක්ම ගෙන තිබෙනවා. සෝදිසි මෙහෙයුම්  කටයුතු සිදු කළා.රටේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම පිණිස ගුවන් හමුදාව අවශ්‍ය සහයෝගය ලබා  දෙනවා.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya