මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෑම පාසලක් සඳහාම උපරිමයෙන් ආරක්ෂාව යොදවා තිබෙනවා-ආරක්ෂක ලේකම්

    මැයි 07, 2019

    ත්‍රිවිධ හමුදාවත් පොලීසිය ඇතුළු අනෙකුත් ආරක්ෂක අංශවලින් උපරිමයෙන් සෑම පාසලක් සඳහාම ආරක්ෂාව යොදවා තිබෙන බව ආරක්ෂක ලේකම්,හිටපු හමුදාපති ශාන්ත කොට්ටෙගොඩ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පවසයි.

    තවදුරටත් අඳහස් දක්වන ආරක්ෂක ලේකම්වරයා;

    ත්‍රිවිධ හමුදාව,පොලීසිය,පොලිස් විශේෂ කාර්ය බලකාය,සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ත්‍රස්තවාදයට එරෙහිව රටේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නොමසුරු කෑවීමෙන් රාජකාරි ඉටු කළ බව ප්‍රකාශ කිරීමට කැමතියි.එම සියලු අංශ වෙත ප්‍රසංශාව පුද කරනවා.ක්‍රමාණුකූලව ත්‍රස්තවාදී තර්ජනය නිසි දැනුමක් ඇතිව ක්‍රමාණුකූලව සැකසූ ආරක්ෂිත වැඩපිළිවෙලක් මේ වනවිට හොඳින් ක්‍රියාත්මක වන බව සියලු දෙනාගේම දැනගැනීමට ප්‍රකාශ කිරීමට කැමතියි.

    වෙනත් අයගේ ප්‍රකාශවලටත් වෙනත් අයගේ කටකතාවලට රැවටෙන්න එපා. අපි ඉතා විශ්වාසයක් ඇතිව ආරක්ෂාවට කැපවී සිටින අවස්ථාවේ එවැනි අයගේ කීමට සවන් දීලා, රටේ ආරක්ෂවක් නැතැයි කියමින් සිදු කරන ප්‍රචාරවලින් වළකින ලෙස ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනවා.

    ත්‍රිවිධ හමුදාවත් පොලීසිය ඇතුළු අනෙකුත් ආරක්ෂක අංශවලින් උපරිමයෙන් සැම පාසලක් සඳහාම ආරක්ෂාව යොදවා තිබෙනවා යැයි ද ආරක්ෂක ලේකම්වරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya