අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මද්රසා පාසල් නියාමනයට හදන නීතියේ පළමු කෙටුම්පත හෙට කැබිනට් මණ්ඩලයට- අගමැති උපදෙස් දෙයි

    මැයි 06, 2019

    මද්රසා අධ්‍යාපන ආයතන නියාමනය කිරීම සඳහා කඩිනමින් නීතියක් සම්මත කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් ගන්නා ලද තීරණය පරිදි සකස් කරන ලද දළ පනත් කෙටුම්පත පිළිබඳව නීති කෙටුම්පත්  දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කොට හෙට පැවැත්වෙන කැබිනට් මණ්ඩලය  වෙත ඉදිරිපත් කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් තැපැල්, තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික  කටයුතු පිළිබඳ අමාත්‍ය එම්.එච්.ඒ.හලීම්   මහතා වෙත උපදෙස් දෙන ලද බව අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රකාශ  කරයි.

    අග්‍රාමාත්‍යවරයා විසින් මෙසේ උපදෙස් දෙන ලද්දේ අද (අප්‍රේල් 07) දින එම නීතියේ පළමු කෙටුම්පත මුස්ලිම් ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා විසින් අග්‍රාමාත්‍යවරයා වෙත භාර දෙන ලද අවස්ථාවේදීය.

    මද්රසා නමින් හැඳින්වෙන ඉස්ලාම් ආගමික පාසල් නියාමනය කිරීම සඳහා තැපැල්, තැපැල් සේවා සහ මුස්ලිම්  ආගමික කටයුතු අමාත්‍යංශය, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හෝ වෙනත් කිසිදු  ආයතනයක් සතුව නීතිමය බලතල වර්තමානයේ නොමැත. දැනට මෙම මද්රසා ආයතන පවත්වා ගෙන යන්නේ  පෞද්ගලික මට්ටමෙන් වන අතර වර්තමානයේ උද්ගත වී ඇති තත්ත්වය අනුව එම ආයතන නියාමනය කිරීම  සඳහා වෙනම ම නීතියක් සකස් කළ යුතු බවට තැපැල්, තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශය  විසින් අමාත්‍ය මණ්ඩලය වෙත කරන ලද යෝජනාවකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ අතර මෙම කෙටුම්පත සකස් කරන ලද්දේ ඒ අනුව ය.

    ඉන්දියාව, බංග්ලාදේශය ආදී රටවල මද්රසා ආයතන නියාමනය කිරීම සඳහා පනවා ඇති නීති මෙන්ම ශ්‍රී  ලංකාවේ පිරිවෙණ් අධ්‍යාපන පනතද නිරීක්ෂණය කරමින් සකස් කර ඇති මෙම දළ කෙටුම්පත මගින් මද්රසා  ආයතනයන්හි විෂය නිර්දේශය සම්බන්ධයෙන් පොදු නියාමනයක් සහ ක්‍රමවේදයක් ඇති කිරීම සඳහා මද්‍රසා  ආයතන සංවිධානය, නියාමනය, අධික්ෂණය, පාලනය හා ලියාපදිංචිය සඳහා මද්රසා අධ්‍යාපන මණ්ඩලයක්  අමාත්‍යංශය යටතේ ස්ථාපිත කිරීමට අවශ්‍ය නීතිමය පසුබිම සකස් කොට ඇත.

    මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී අමාත්‍ය සාගල රත්නායක, අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා,  රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න, මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි සහ ශ්‍රී ලංකා වකූප් මණ්ඩලයේ  සභාපති .එස්. අයි .එම් යාසරී යන මහත්වරුද සහභාගි වූහ.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya