අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දරුවන් පාසල් වෙත එවීමට දෙමව්පියන් බියවිය යුතු නෑ- අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්-පාසල්වල ආරක්ෂාව සතුටුදායකයි- විදුහල්පතිවරු

    මැයි 06, 2019

     පාසල්වලට අද(6) සිසු සිසුවියන්ගේ පැමිණීම අවම මට්ටමක පැවැතිය ද හෙට අනිද්දා වන විට සිසුන්ගේ පැමිණීම සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්. රණසිංහ මහතා පැවසී ය.

    රජය විසින් පාසල්වල ආරක්ෂාව සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කොට ඇති බැවින් දරුවන් පාසල් වෙත එවීමට දෙමව්පියන් බියවිය යුතු නැතැයි ද අධ්‍යාපන ලේකම්වරයා රජයේ නිලපුවත් වෙබ් අඩවියට සඳහන් කළේ ය.

    පාසල්වල ආරක්ෂාව සතුටුදායක තත්ත්වයක පවතින බවත් සිසු සිසුවියන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණත් ගුරුවරුන්ගේ පැමිණීම ඉහළ මට්ටමක පැවති බව විදුහල්පතිවරු පවසති.රජයේ නිලපුවත් වෙබ් අඩවිය කොළඹ අවට විද්‍යාල කීපයක විදුහල්පතිවරුන්ගෙන් කළ විමසීමේ දී ඔවුහු මේ බව ප්‍රකාශ කළහ.

    පාස්කු ඉරිදා සිදු වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය හේතුවෙන් කල් දැමුණු දෙවන පාසල් වාරය අද (06) ආරම්භ විය.ති‍්‍රවිධ හමුදාව සහ පොලීසියේ විශේෂ ආරක්ෂාව සහිතව පාසල් ආරම්භ කෙරුණි. පාසල් විවෘත කිරීමට පෙර  ආරක්ෂාව තහවුරු කිරීම සඳහා රජය විසින් විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාවට නංවා තිබුණු අතර පාසල්  ළමුන් ප්‍රවාහනය කරන වෑන් රථ ගාල් කිරීම සඳහා වෙනම ස්ථාන පොලීසිය විසින් හඳුන්වා දී තිබුණි.

    ආරක්ෂ අංශ, විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් දෙමාපියන් සමග එක්ව සිසුන්ගේ ආරක්ෂාව සඳහා පියවර ගෙන  තිබුණි. පාසල්වල ආරක්ෂක කමිටුවල දෙමාපියන් පාසල් පරික්ෂ කිරීම් වල යෙදී සිටි අතර ආරක්ෂ අංශ ද
    සහයෝගය ලබා දී තිබුණි.

    අද දිනයේ ආරම්භ කෙරුණේ 6 ශ්‍රේණියේ සිට ඉහළ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පමණක් වන අතර පළමු  ශ්‍රේණියේ සිට පස් වන ශ්‍රේණිය දක්වා ළමුන්ගේ දෙවන පාසල් වාරය ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ ලබන
    සඳුදා(13) දිනයේදීයි.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya