අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මීගමුව සිද්ධියෙන් අලාභහානි වූ දේපළවලට වන්දි-අගමැති උපදෙස් දෙයි

    මැයි 06, 2019

    ඊයේ (05) දින මීගමුවේ දී ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් පොදු සහ පුද්ගලික දේපළවලට සිදුව ඇති අලාභහානි තක්සේරු කිරීමෙන් අනතුරුව ඒ සඳහා වන්දිගෙවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.


    නිකුත් කර ඇති නිවේදනය මෙසේ ය

    ප්‍රවෘත්ති නිවේදනය

    ඊයේ (05) දින මීගමුවේ දී ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් පොදු සහ පුද්ගලික දේපළවලට අලාභහානි සිදු වී ඇති බව වාර්තා වී ඇත. සිදුව ඇති අලාභහානි තක්සේරු කිරීමෙන් අනතුරුව ඒ සඳහා වන්දි ගෙවීමට ගරු අග්‍රාමාත්‍යතුමා උපදෙස් ලබා දී ඇත.

    ඒ අනුව, ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යංශය යටතේ ඇති හානි පූර්ණය සඳහා වන කාර්යාලය මඟින් අලාභහානි තක්සේරු කිරීමට කඩිනම් පියවර ගෙන ඇත.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya