අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මීගමුව සිදුවීම- බීමත්ව කළහකාරි ලෙස හැසිරුණු පුද්ගලයින් පිරිසක් හේතුවෙන් ඇති වූ තත්ත්වයක්- දෙදෙනෙක් අත් අඩංගුවට

    මැයි 06, 2019

    මීගමුව කොච්චිකඩේ,පෝරුතොට ප්‍රදේශයේ ඊයේ (5) ඇති වූ සිදුවීම බීමත්ව කළහකාරි ලෙස හැසිරුණු පුද්ගලයින් පිරිසක් හේතුවෙන් ඇති වූ තත්ත්වයක් බවත් මේ වනවිට සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක,පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා අද (6) පෙරවරුවේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව කීය.

    ඊයේ (5) සවස මීගමුව කොච්චිකඩේ පෝරුතොට පොලිස් වසමේ සිද්ධියක් වාර්තා වුණා.පුද්ගලයින් දෙදෙනෙකු  අතර සිදු වූ බහින් බස් වීමක් සිදුවීමට හේතු වුණා.මේ සිදු වීමත් සමඟ අධික ලෙස බීමත්ව සිටි තවත් පිරිසක්
    සිද්ධියට මැදිහත් වුණා. එම මැදිහත්වීමත් සමඟ නොසන්සුන්කාරී තත්ත්වයක් බවට පරිවර්ථනය වුණා.

    පොලීසිය වහාම මැදිහත් වුණා.සිදුවීමට ගිය විශාල විනාශයක් වළක්වා ගැනීමට හැකි වුණා. සිදු වුණා පොලිස් ඇදිරි නීතිය පැනවීමට සිදු වුණා.සිදුවීමෙන් යතුරු පැදි සහ ත්‍රී රෝද රථ කීපයකට අලාභහානී සිදුවීම් වාර්තා
    වෙනවා.

    කිසිවෙකු රෝහල් ගත වී නෑ. අතින් පහරදීමේ සිදුවීම් වාර්තා වුණා.සුළු පැමිණිලි වාර්තා වී තිබෙන්නේ.පසුගිය  දිනවල පොලීසිය හා ආරක්ෂක අංශ විශේෂ වැටලීම් සිදු කළා, එම වැටලීම්වලින් හැකි වුණා, කඩු ආදී තියුණු
    ආයුධ රැසක් අත් අඩංගුවට ගන්න. මෙහෙයුම්වල ප්‍රතිඵලයක් නිසා ඊයේ සිදුවීමේ තියුණු ආයුධ භාවිත වී නෑ.  දිගටම මෙම මෙහෙයුම් ක්‍රියාත්මක වෙනවා.කඩු කිණිසි ආදිය පොලීසියට බාර දෙන්න කියලා දැනුම් දී තිබෙනවා.
    කාලය තව පැය 48කින් දීර්ඝ කර තිබෙනවා.ඊයේ මීගමුව සිදුවීමට අදාළව සැකකරුවන් 2ක් අත් අඩංගුවට ගෙන  තිබෙනවා. තවත් පුද්ගලයින් හඳුනාගෙන තිබෙනවා.බීමත්ව කළහකාරි ලෙස හැසිරුණු පුද්ගලයින් පිරිසක්  හේතුවෙන් මේ තත්ත්වය ඇති වූ බව ප්‍රකාශ කළ හැකි යැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya