මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පසු අස්වනු තාක්ෂණය ගොවියාට හඳුන්වා දීමට නව වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුයි. - අමාත්‍ය පී. හැරිසන්

    මැයි 05, 2019

    දෛනික පසු අස්වනු හානිය 40% ඉක්මවන බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ පැවති සාකච්ඡාවේදී පැවසීය.

    ගොවියාගේ සිට පාරිභෝගිකයා දක්වා එළවළු සහ පලතුරු ළඟාවන විට ඉන් 40%ක් පමණ විනාශ වන බවත්, ඒ සඳහා ගොවියා හා වෙළෙන්දා ඉදිරියේදී පසු අස්වනු තාක්ෂණයෙන් සවිමත් කළයුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    පසු අස්වනු තාක්ෂණ පිළිබඳ ගොවියා දැනුවත් කිරීම සඳහා පළමුව කෘෂි පර්යේෂණ නිළධාරින් සඳහා පුහුණු වැඩමුළු පැවැත්විය යුතු බවත්, ඒ සඳහා ඉදිරියේ දී නව වැඩපිළිවෙලක් සකස් කරන ලෙස අමාත්‍යවරයා විසින් නිලධාරින්ට උපදෙස් ලබාදෙන ලදී.

    කෘෂි නවීකරණ ව්‍යාපෘතිය සිදු කිරීමේ දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් රටපුරා ඇති ගොවිපලයන්හි භූමිය ද ගොවීන් වෙනුවෙන් ආදර්ශන වගා ව්‍යාපෘති ආරම්භ කිරීමට වෙන්කිරීම තුළින් ගෙවිපල සංවර්ධනය මෙන්ම නිලධාරී පුහුණුවත් ගොවීන් පුහුණුවත් ඉතා සාර්ථකව සිදු කළ හැකි බව අමාත්‍යවරයා මෙහිදී කෘෂි නවීකරණ ව්‍යාපෘතියේ නිලධාරින්ට පැවසීය. ඒ අනුව ඉදිරියේදී කෘෂි නවීකරණ ව්‍යාපෘති සඳහා රට පුරා විසිරී ඇති කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් ගොවිපලයන්හි භූමිය ගොවීන් සඳහා ආදර්ශන ව්‍යාපෘති වෙනුවෙන් තාවකාලිකව වෙන් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    එමෙන්ම මෙරට අවශ්‍යතාවය වෙනුවෙන් විදේශයෙන් ආනයනය කරනු ලබන බෝග මෙරට අවශ්‍යතාවයට සරිලන පරිදි කෘෂි නවීකරණ ව්‍යාපෘතිය හරහා ප්‍රචලිත කිරීම සඳහා ක්‍රියා කරන ලෙස කෘෂි නවීකරණ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂවරයා වෙත අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දෙන ලදී. ඒ අනුව වැඩි ඉල්ලුමක් ඇති සත්ව ආහාර සඳහා යොදා ගනු ලබන බඩඉරිඟු සහ දේශීය අවශ්‍යතාවයන් ඇති මුංඇට ඇතුළු ධාන්‍ය වර්ග ප්‍රචලිත කරන ලෙස හෙතෙම නිලධාරින්ගෙන් ඉල්ලා සිටියේය.

    මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා, කෘෂි නවීකරණ ව්‍යාපාතියේ අධ්‍යක්ෂ ආචාර්ය රොහාන් විජේකෝන් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya