අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හෙට කොළඹ පාසල් අවට විශේෂ සෝදිසි මෙහෙයුමක්- පාසල් අවට වාහන නවතා තැබීමෙන් වළකින්න- පොලිස් මාධ්‍ය ප්‍රකාශක

    මැයි 04, 2019

    කොළඹ පාසල් අවට හෙට(5) දින සෝදිසි කිරීමේ මෙහෙයුමක් සිදු කරන බවත් හෙට දවල් 1.00න් පසුව කොළඹ පාසල් අවට වාහන නතර කර තැබීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

    තවදුරටත් මේ පිළිබඳව අඳහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා:

    පාසල් සඳහා පූර්ණ ආරක්ෂාවක් ලබාදීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කර අවසන්. ඒ සම්බන්ධව පොලිස්  මූලස්ථානයේ පොලිස් ස්ථාන වෙත උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා. පාසල් ආශ්‍රිතව කමිටු සකස් කරගෙන ඒ ඒ පොලිස් කොට්ඨාශයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වෙනවා. පාසල්  අවට පරික්ෂා කිරීමේ කටයුතු සිදු වෙනවා. කොළඹ පාසල් සඳහා හෙට දින පාසල් අවට සෝදිසි කිරීමේ මෙහෙයුමක් සිදු කරනවා. හෙට පසල් අවට පරික්ෂා  කරන බැවින් හෙට දවල් 1.00න් පසුව කොළඹ පාසල් අවට වාහන නතර කර තැබීමෙන් වළකින්න කියලා දැනුම්  දෙනවා. මෙය සෑම පාසලකට අදාළ වෙනවා.පාසලාරම්භ කිරීමෙන් පසුව වාහන නවතා තැබීමෙන් වළකින ලෙස ද ඉල්ලා  සිටිනවා. පාසල් අවට රථගාලක් සකස් කර තිබෙනවා, පාසල් වාහන නවත්වා තැබිම සඳහා.එහි විස්තර ඉදිරියේ දී මාධ්‍ය හරහා ලබාදෙනවා යැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya