අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ෆොනී’ සුළි කුණාටුවේ බලපෑම ක්‍රමයෙන් පහවෙමින් පවතින පවතී

    මැයි 03, 2019

    මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ, ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පවතින අතිශයින් චන්ඩ ‘ෆොනී’ සුළි කුණාටුව අද (03) වන විට යාපනයට ඊසාන දෙසින් කි.මී 1250 ක් පමණ දුරින් උතුරු අක්ෂාංශ 19º.6' ත් නැගෙනහිර දේශාංශ 85º.7' ත් ආසන්නව ස්ථානගතව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

    මෙම පද්ධතිය නිසා දිවයිනට වන බලපෑම ක්‍රමයෙන් පහවෙමින් පවතින බව එම නිවේදනයේ සදහන් වේ.

    ශ්‍රී ලංකාවට මන්නාරම සිට කන්කසන්තුරය, මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල පැයට කි.මි 50-60 දක්වා වන සුළං හැමිය හැකි අතර මන්නාරම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා ගැඹුරු මුහුදු ප්‍රදේශවල විටින් විට පැයට කි.මි 70 දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකි බවත් එම මුහුදු ප්‍රදේශ ඉතා රළුවිය හැකි බවත් නිවේදනය කර ඇත.

    පද්ධතියේ කේන්ද්‍රයේ සිට කිලෝමීටර් 300 ක් දක්වා මුහුදු ප්‍රදේශයේ සුළං වේගය පැයට කි.මි 120 ත් 150 ත් දක්වා වැඩිවිය හැකි බැවින් ශ්‍රී ලංකාවට උතුරු සහ ඊසානදෙසින් වන මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධිවර සහ නාවික කටයුතු වලින් වළකින ලෙස ධීවරයන්ට උපදෙස් දී ඇත.

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල තද සුළං සහ තද වැසි තත්වය අද(03) දිනයේ ද පවතිනු ඇතැයි ද දිවයින හරහා විශේෂයෙන් උතුරු, උතුරුමැද, වයඹ සහ දකුණු පළාත්වල සහ අම්පාර, මොනරාගල සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කව පැ. කි. මි.50 දක්වා විටින් විට හමන තද සුළං බලාපොරොත්තු වන බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු විසින් නිවේනදය කර ඇත.

    සබරගමුව, මධ්‍යම, දකුණු සහ බස්නාහිර පළාත්වල සමහර ස්ථානවල මි.මී. 100 ක පමණ තද වර්ෂාපතනයන් ඇති විය හැක. නැගෙනහිර, වයඹ, ඌව සහ උතුරු මැද පළාත්වල සහ මන්නාරම දිස්ත්‍රික්කයේ තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇතිවව බව එම නිවේදනයේ සදහන් කර ඇත.

    එසේම කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ අවධානය යොමුකරන ලෙස කලාගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් සහ ධීවර හා නාවුක ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.

    ඕනෑම හදිසි තත්වයක දී 117 යන හදිසි ඇමතුම් අංකය අමතන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya