අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාලගුණ නිවේදන ගැන අවධානයෙන් පසුවන්න - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

    මැයි 03, 2019

    කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන ඉදිරි නිවේදන සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන්න යැයි මහජනතාවගෙන් මෙන් ම ධීවර ජනතාවගෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.

    අද (3) දහවල් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති කාලගුණ නිවේදනය මෙසේ ය.

    මධ්‍ය-බටහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ, ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පවතින අතිශයින් චණ්ඩ සුළි කුණාටුව (‘ෆොනී’) මැයි 03 වන දින පෙ.ව. 08.30 වන විට යාපනය සිට ඊසාන දෙසින් කි.මී.1250 පමණ දුරින් උතුරු අක්ෂාංශ 19.6 ත් නැගෙනහිර දේශාංශ 85.7 ත් ආසන්නව (ඉන්දියානු ගොඩබිමට ඇතුල් වෙමින්) පවතී. මෙම පද්ධතිය දිවයිනෙන් ඉවතට ගමන් කරමින් උතුරට බරව ඊසාන දෙසට ගමන් කරනු ඇතැයි අනුමාන කෙරේ.මේ නිසා මෙම පද්ධතියෙන් දිවයිනට වන බලපෑම ක්‍රමයෙන් අඩුවෙමින් පවතී.

    දිවයින හරහා විශේෂයෙන් උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් අම්පාර,මොනරාගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මි.50 දක්වා තද සුළං බලාපොරොත්තුවේ.

    සබරගමුව, මධ්‍යම, දකුණු සහබස්නාහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වර්ෂාපතනයන්දඇති විය හැක.

    වයඹ, නැගෙනහිර,ඌව සහ උතුරු-මැද පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ අවධානය යොමුකරන ලෙස මහජනතාවගෙන් සහ ධීවර හා නාවුක ප්‍රජාවගෙන්ඉල්ලා සිටිනු ලැබේ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya