මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුහුදු රළ ඉහළයාම අවධානමක්

    මැයි 02, 2019

    පවතින කාලගුණික තත්වය තුළ මැයි මස 02 දින සිට මැයි මස 04 දින දක්වා මන්නාරම සිට කොළඹ, ගාල්ල හරහා පොතුවිල් දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.5 සිට 3.5 ක් දක්වා (මෙය ගොඩබිමට පැමිණිය හැකි රළ උස නොවේ) ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.

    එම ප්‍රදේශවල මුහුද රළුවිය හැකි බව එම නිවේදනයේ තවදුරටත් දන්වා ඇත.

    මන්නාරම සිට කොළඹ, ගාල්ල හරහා පොතුවිල් දක්වා වන කලාපයේ වෙරළාසන්නයේ ජීවත් වන ජනතාව, ධිවර සහ නාවුක කටයුතුවල නිරත වන ජනතාව මේ පිලිබදව අවධානයෙන් සිටින ලෙස ද කාලගුණවිද්‍යා
    දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නිවේදනයේ සදහන් වේ. ඕනෑම හදිසි තත්ත්වයක දී 117 යන හදිසි ඇමතුම් අංකය අමතන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

    muhudu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya