අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වත්මන් ආරක්ෂක තත්ත්වය පැහැදිළි කරයි - ත්‍රස්තවාදී කණ්ඩායමේ වත්කම් රැසක් එළියට

    මැයි 01, 2019

    ත්‍රස්තවාදී කණ්ඩායමේ වත්කම් රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගෙන ඇති අතර, එම වත්කම් තහනම් කිරීම සඳහා එම දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

    එහිදී මාධ්‍යයට අඳහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක

    අප්‍රේල් 21 ප්‍රහාරයට අදාළව ස්ථාන 08ක් සිදු වුණා. ඒ ස්ථාන 08 ක මරාගෙන මැරෙන බෝමබකරුවන් 09ක් සම්බන්ධවෙලා තිබුණා. එම බෝම්කරුවන්ගේ විස්තරත් ඒ වගේම දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය භාරයේ සිටින සැකකරුවන් අතුරින් මේ මරාගෙන බෝම්බකරුවන්ගේ සමීපතමයින් කිහිපදෙනෙකුගේ තොරතුරු පිළිබඳවත් මාධ්‍ය වෙත තොරතුරු ලබාදීමටයි සූදානාම් වන්නේ.

    කොච්චිකඩේ ශාන්ත අන්තෝනී දේවස්ථානයේ සිදුවූ පිපිරීමේ මරාගෙන මැරෙන බෝම්බකරුවූ අලව්ඩීන් අහමඩ් මුවාත්ගේ (සෙන්ට්‍රල් පාර, මට්ටමක්කුලිය) ඔහුගේ සහෝදරයා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටිනවා. ඔහු මේ ක්‍රියාකාරකමවලට සම්බන්ධන වූණු දායක වුනු පුද්ගලයෙක්. කටුවාපිටිය ශාන්ත සෙබෙස්තියන් දේවාස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බකරු අච්චි මොහොම්මදු මොහොම්මදු හස්තුන්ගේ (AFC පාර, වාලච්චේන) බිරිඳ සාරා යන අය කල්මුනේ සයින්දමර්දුවල සිදුවුණු පිපිරීමේදී ජීවිතක්ෂයට පත්වූ බවට සැක කරනවා. පසුගිය දින මාධ්‍ය හරහා ප්‍රචාරය කළ ඡායාරූප 06 සිටි එක් කාන්තාවක් මේ සාරායන අයයි. කොළඹ කිංස්බරි හෝටලයේ සිදුවූ පිපිරීමේ මරාගෙන මැරෙන බෝම්බකරු වූ මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක්. මොහුට ලිපින දෙකක් තිබෙනවා. (අලුත් යොන් වීදීය, කොළඹ 12 සහ බණ්ඩාරනායක මාවත කොළඹ 12). මේ අන්තවාදී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරුගේ බිරිද මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ පසුවේ.

    ඒ වගේම කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ සිදුවූ පිපිරීම් සිදුකළ දෙදෙනාගෙන් එක් අයෙක් මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් (කුඩයිකරන් පටුමඟ, මොහිදීන් පල්ලිය පාර , කාත්තන්කුඩි) සහරාන්ගේ බිරිදත්, කුඩා දියණියත් කල්මුනේ සයින්දමර්දුවල සිදුවූ පිපිරීමෙන් තුවාල ලබා අම්පාර රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ සිටී. ඒ වගේම මොහොමඩ් සහරාන් යන අයගේ පියාත් සහෝදරයාත් රිල්වාන් සහ සේයිනි යන දෙදෙනා මේ පිපිරීමෙන් ජීවිතක්ෂයට පත් වූ බවට විමර්ශන නිලධාරීන් සැක කරනවා. ඒ වගේම මොහොමඩ් සහරාන්ගේ රියදුරු ආදම් ලෙබ්බේ නැතිනම් ගපූර් යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ පසුවේ. ගපූර් යන අය සහරාන්ගේ සහෝදරයෙක් වූ සේයිනි යන අයගේ බිරිදගේ පියා වෙනවා.

    ෂැංග්‍රිලා හෝටලයේ අනෙක් බෝම්බකරු වන මොහොමඩ් ඊබ්‍රාහිම් ඉල්හාම් අහමඩ්ගේ ( මහවිල උද්‍යානය, බ්‍රෙස්ලයින්, දෙමටගොඩ) ඔහුගේ පියාවන යූසුප් මොහොමඩ් ඊබ්‍රාහිම් හා ඔහුගේ සහෝදරයින් දෙදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ පසුවේ.

    මඩකලපුවේ සියොන් දේවස්ථානයේ බෝම්බකරු වූ මොහොමඩ් නසාර් මොහොමඩ් අසාද් (කනත්ත පාර, නවකාත්තන්කුඩි) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මොහොමඩ් ඊබ්‍රාහිම් ඉන්ෂාෆ් (Inshaf) අහමඩ් (මහවිල උද්‍යානය, බේස්ලයින් පාර, දෙමටගොඩ) ෂැංග්‍රිලා හෝටලයේ පිපිරීම කළ ඉල්හාම්ගේ සහෝදරයෙක්. මොහු වැල්ලම්පිටියේ තඹ කර්මාන්තශාලාවේ හිමිකරු. මොහොමඩ් ඊබ්‍රාහිම් ඉන්ෂාෆ් ගේ බිරිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ පසුවේ.

    දෙහිවල ට්‍රොපිකඉන් හි සිදුවූ පිපිරීම අබ්දුල් ලතීෆ් ජමීල් මොහොමඩ් ට ලිපින දෙකයි. (වෙලම්බඩ, ගම්පොල /ලංකියාවත්ත වැල්ලම්පිටිය) ඔහුගේ බිරිදගේ සහෝදරයන් දෙදෙනෙකුත් ඇතුළු කිහිපදෙනෙක් ත්‍රස්තවාදී විමර්ශන කොමිසම භාරයේ සිටී. දෙමටගොඩ මහවිල උද්‍යානයේ බෝම්බ පුපුරුවාගත් තැනැත්තිය ෆාතිමා ඉල්හාම්. (මහවිල උද්‍යානය, බේස්ලයින් පාර, දෙමටගොඩ) ඇය ෂැංග්‍රිලා හෝටලයේදී පුපුරවාගත් ඉල්හාම්ගේ බිරිදයි. මොවුන්ගේ අනන්‍යතාවය තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා DNA පරීක්ෂණ සිදුකරයි.මේ ත්‍රස්තවාදී කණ්ඩායමේ වත්කම් රැසක් අපරාධ පරීක්ෂණ

    දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගෙන ඇති අතර, එම වත්කම් තහනම් කිරීම සඳහා එම දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කර ඇත. බැංකු ගිණුම් ඇතුළු මෙම වත්කම් තහනම් කිරීම නෛතික ප්‍රතිපාදන දෙකක් මත සිදු වේ.
    1. ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුතිය පනත
    2. මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත
    පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය ත්‍රිවිධ හමුදාම එක්ව කරන ලද ඒකාබද්ධ මෙහෙයුම්, ඒ ඒ පාර්ශවයන් වෙන වෙනම කරන මෙහෙයුම් දිගටම සිදු වේ. අද සමන්තුරෛ ප්‍රදේශයේ සිදු කළ සුවිශේෂී මෙහෙයුමෙන් ඉඩමක වලදා තිබූ සහ නිවසක සඟවා තිබූ ස්වයංක්‍රීය පිස්තෝල අවි 02ක්, මි.මි. 09 සජීව පතොරම් 17ක්, ටී56 සජීව පතොරම් 171 ක්, ජෙලට්නයිට් කූරු 100ක්, ඩෙටනේටර් 200ක් ඇතුළු දේපල රැසක් සහ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

    කල්මුනේ, සමන්තුරෛ සහ චවලකඩෛ පොලිස් වසම්වලට බලපවත්වන පරිදි අද රාත්‍රී 09.00 සිට හෙට අලුයම 05.00 දක්වා පොලිස් ඇදිරි නීතිය ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. සියලුම ආගමික ස්ථානවලට අවශ්‍යතාවයන් අනුව පොලිසිය හා ත්‍රිවිධ හමුදාවත් එකතු වෙලා උපරිම ආරක්ෂාව ලබාදෙනවා. ඒ සඳහා අතිගරු ජනාධිපතිතුමා විසින් නිශ්චිත උපදෙස් ලබාදී ඇත.

    මෙම සිද්ධියට අදාළ නොවු කරුණක් ගාල්ල නාගොඩ පොලිස් වසමේ මාපලගම විද්‍යාතිලක පිරිවෙනේ විහාරාධිපති අද ඝාතනයට ලක්කර ඇති අතර විමර්ශන අනුව එම විහාරස්ථානයේ ආවතේව කරන ලද පුද්ගලයෙක් විසින් පුද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවත් සැකකරු පලා යමින් සිටියදී වදුරඹ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

    sisidelist1

     

     

    sisidelist2JPG

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya