අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් අඩු පීඩන කලාපයක්

    අප්‍රේල් 25, 2019

    නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් අඩු පීඩන කලාපයක් වර්ධනය වෙමින් පවතින අතර එය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් වයඹ දෙසට ගමන් කිරීමේ හැකියාව ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ අවධානය යොමුකරන ලෙස මහජනතාවගෙන් සහ ධීවර හා නාවුක ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

    සබරගමුව, මධ්‍යම,දකුණු, ඌව සහ බස්නාහිර පළාත්වල සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya