මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ආරක්ෂාව තහවුරු කරන්න අදාළ රජයේ ආයතනවලට සම්පූර්ණ සහයෝගය ලබාදෙනවා- විපක්ෂ නායක

    අප්‍රේල් 23, 2019

    විපක්ෂයක් හැටියට අපි ජාතික ආරක්ෂාව තහවුරු කරන්න අදාළ රජයේ ආයතනවලට සම්පූර්ණ සහයෝගය ලබාදෙන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    විපක්ෂ නායකවරයා අද (23) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව පැවසී ය.

    බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අය වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීන්ට මාගේ බලවත් ශෝකය ප්‍රකාශ කර සිටින අතර  තුවාල වූ අයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.අවුරුදු 30ක් පුරා පැවැති යුද්ධය 2009 මැයි 29 දා අවසන්  කෙරුණාම අපි කවුරුත් හිතුවේ මෙවැනි සිද්ධීන් නැවතත් දකින්නට ලැබෙන්නේ නැති වෙයි කියලා.මේ තරම්  දරුණු ආකාරයට ත්‍රස්තවාදය නැවතත් මේ රටේ හිස එසවූයේ කොහොමද කියලා මේ ගරු සභාව සළකලා  බලන්න ඕන.අපේ රටේ ප්‍රශ්න විසඳාගන්න ඕන අපිමයි.දැන් ඇතිවෙලා තියෙන ත්‍රස්තවදය ලංකාවේ සිවිල් වැසියන්  පමණක් නොව විදේශිකයන්වත් කෙළින් ම ඉලක්ක කරන ත්‍රස්තවාදයක්.මේකෙන් සංචාරක ව්‍යාපාරයට විතරක් නොවෙයි විදෙස් ආයෝජනයයන්ටත් මරු පහරක් වෙනවා.විපක්ෂයක් හැටියට අපි ජාතික ආරක්ෂාව තහවුරු  කරන්න අදාළ රජයේ ආයතනවලට සම්පූර්ණ සහයෝගය ලබාදෙනවා.මේ අවස්ථවේ දී මහජනතවගෙනුත් ඉල්ලා  සිටිනවා,නීතිය අතට ගන්නේ නැතිව කාටවත් ඇඟිලි දිගු කරන්නේ නැතිව මේ ප්‍රශ්නය විසඳගන්න ආරක්ෂක  අංශවලට උපරිම සහයෝගය දෙන්න කියලා.ත්‍රස්තවාදීන්ට ආගමක් දහමක් නැති බව අප මතක තබා ගත යුතුයි  යැයි ද විපක්ෂ නායකවරයා පැවසී ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya