අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති – කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක

    අප්‍රේල් 23, 2019

    පසුගියදා බෝම්බ ප‍්‍රහාරයට ලක් වූ මීගමුව, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ කටයුතු සොයා බැලීමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අද (23) උදෑසන එම දේවස්ථානය වෙත ගියේය.

    මීසම් සේවක පියතුමන් වන ගරු ශ‍්‍රිලාල් ෆොන්සේකා පියතුමා හමු වූ ජනාධිපතිතුමා ප‍්‍රදේශයේ සමස්ත කිතුනු බැතිමතුන් වෙනුවෙන් තම බලවත් කනගාටුව සහ සංවේගය උන්වහන්සේ වෙත පිරිනැමීය.

    එමෙන්ම දේවස්ථානයේ නැවත ඉදිකිරීම් කටයුතු ද සොයා බැලු ජනාධිපතිතුමා එම ඉදිකිරීම් හැකි ඉක්මනින් නිම කිරීමට ශ‍්‍රී ලංකා යුද හමුදාවට තමන් උපදෙස් ලබා දී ඇති බව සඳහන් කළේය.

    එමෙන්ම ජනාධිපතිතුමා මෙහි දී සඳහන් කළේ මෙවැනි ම්ලේච්ඡ කි‍්‍රයා යළි රට තුළ සිදුවීමට ඉඩ නොතබා ඒ වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම රජය මේ වන විට ගෙන තිබෙන බවයි.

    මෙම ඛේදජනක සිදුවීමෙන් අනතුරට පත්වූවන් වෙත ඉක්මන් සුවය ප‍්‍රාර්ථනා කළ ජනාධිපතිතුමා විපතට පත් සියලු ජනතාව වෙනුවෙන් උපරිම සහන සැලසීමට රජය පියවර ගෙන තිබෙන බව ද කියා සිටියේය.

    සහයක මීසම් සේවක ගරු රවීන් සඳසිරි පෙරේරා පියතුමා ඇතුළු පියතුමන්ලා මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    මේ අතර පාස්කු ඉරුදින, දේවස්ථානයේ දේව මෙහෙයට එක්ව සිටිය දී එල්ල වූ බෝම්බ ප‍්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූවන් වෙනුවෙන් අවසන් ගෞරව දැක්වීමට ද ජනාධිපතිතුමා එක් විය.

    ප‍්‍රදේශයේ නිවාස කිහිපයක් වෙත ගිය ජනාධිපතිතුමා දේහයන්ට අවසන් ගෞරව දැක්වූ අතර එම පවුල්වල ඥාතීන් වෙතත්, ප‍්‍රදේශවාසින් වෙතත් සමස්ත කිතුනු බැතිමතුන් වෙතත් සිය සාතිශය සංවේගය පළ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya