අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොච්චිකඩේ පිහිටි ශන්ත අන්තෝනි දෙව් මැදුර නිවාස ඇමැති නිරීක්ෂණයට

    අප්‍රේල් 22, 2019

    නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (22) පිපිරීමේ සිද්ධිය සිදු වූ කොච්චිකඩේ පිහිටි ශන්ත අන්තෝනි දෙව් මැදුර නිරීක්ෂණය කළේ ය.

    එහිදී අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය වෙත සඳහන් කර සිටියේ, දෙව් මැදුරේ ඉදිකිරීම් කටයුතු සිදු කිරීමට කටයුතු කරන බවය.

    ඒ සඳහා සැලසුම් කිරීම අද සිටම ආරම්භ කරන බව ද අමාත්‍යවරයා කීය. මේ රටේ ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් වෙනුවෙන් මෙම පූජනීය සිද්ධස්ථානය අංග සම්පූර්ණ ලෙස ප්‍රතිසංස්කරණය කරන බවත් ඒ සඳහා සොයා බැලීමට දේවස්ථනය වෙත පැමිණි බවද ගරු කාදිනල්තුමාගේ උපදෙස් පරිදි මෙම කර්තව්‍ය සිදු කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya