මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බස් රථවල සේවක කාර්ය මණ්ඩල දැනුවත් කිරීමට පියවර-බස් නැවතුම්පළවල ආරක්ෂාව සම්බන්ධයෙන් සොයා බැලීමටත් උපදෙස්

    අප්‍රේල් 22, 2019

    බස් රථවල සේවක කාර්ය මණ්ඩල දැනුවත් කිරීමට පියවර ගෙන ඇතැයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මඟි ප්‍රවාහන අධිකාරියේ සභාපති තුසිත කුලරත්න මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට පැවසීය.

    ඊයේ සිදු වූ පිපිරීම් සිදුවීමත් සමඟ මඟී ජනතවගේ ආරක්ෂාව සඳහා මෙම පියවර ගෙන තිබේ.

     බස් නැවතුම්පළවල් 56ක් කේන්ද්‍රකර ගනිමින් බස් රථ 5500ක් දිනකට ධාවනය කෙරේ.ඊයේ සිදුවීමත් සමග බස් රථ වල සේවක කාර්ය මණ්ඩල දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.

    මෙහිදී තවදුරටත් අඳහස් දැක්වූ සභාපතිවරයා;

    මඟී ජනතාව පරික්ෂ කිරීම අයගේ වගකීමක් බවට පත් වී ඇත.පර්යන්ත නිලධරීන්, ස්ථාන පාලකවරු, ප්‍රධාන නිලධරින්, දෛනික කටයුතු කරන නිලධාරීන් ඇතුළුව සියලු දෙනා දැනුවත් කර තිබෙනවා සෑම අවස්ථාවකම බස් රථ දෛනිකව පරික්ෂ කරන්න කියලා උපදෙස් ලබා දී තිබෙනවා.අද සහ හෙට දිනය වන විට සියලු ප්‍රවාහන සේවා විධිමත් පරිදි ක්‍රියාත්මක කරන්න පියවර ගෙන තිබෙනවා.බස් නැවතුම්පළ වල ආරක්ෂාව සම්බන්ධයෙන් සොයා බැලීමටත් උපදෙස් ලබාදී තිබෙනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya